පාස්කු ප‍්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ නෑ..

0
7

‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ. ඉන්දියාව තමයි අපිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේ’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘මෑතකදී කාඩ්නල් මැල්කම් රංජිත් මැතිතුමා ප්‍රකාශයක් කෙරුවා “තිබ්බ ආණ්ඩුව වගේම මේ ආන්ඩුවත් ඇත්ත හංගන්නයි හදන්නේ කියලා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උනාට පසු දින මට කතා කළා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ කියලා මට කිව්වා.”යහපාලන රජය සමයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කෙරුවා.වාර්තාව නිකුත් වුණාට පස්සේ කාදිනල් උන්වහන්සේ හිටපු ජනාධිපතිවරයාට කතා කරාම කියනවා ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ කියලා.

මේ කතාවෙන් පේනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ නෑ.මොකද තාම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෝලයෝ.කාදිනල් තුමා ඒ නිසයි කියන්නේ ජිනීවා යනවා කියලා.ජිනීවා යන එක අපේ රටට විශාල අපකීර්තියක්.මොකද දැනටමත් ජිනීවාවල අපේ රටට විරුද්ධව පරීක්ෂණයක් සිදුවීමෙන් පවතිනවා යුධ අවසන් සමයේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා.

හුඟක් අය හිතන් ඉන්නේ මේක අමතක වෙලා කියලා.එය අස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් පටන් ගත්තොත් ඒක අපිට තවත් ප්‍රශ්නයක්.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමයි වසර දෙකකට කලින් කිව්වේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ සිදු වෙනවා කියලා.ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් වසර දෙකකට පස්සේ ඒ කතාවම කිව්වා.ඇත්ත වශයෙන්ම මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණ අපේ රටට විශාල අපකීර්තියක්.

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපේ බලාපොරොත්තුවක් නෑ පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ ගෙඩිය පිටින්ම ජාත්‍යන්තරයට දෙන්න ,අපි ඒකට කැමති නෑ.ජාත්‍යන්තරත් මෙවැනි පරීක්ෂණවලට කියන්නේ රට ඇතුළෙම පරීක්ෂණයක් කරලා එයට තොරතුරු ලබාදෙන්න කියලයි.සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සම්බන්ධ සැලැස්මක් හැදුවා ඒක කාදිනල් උන්වහන්සේට පිළිගැන්වුවා.සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්න .ඒ යටතේ විමර්ශන කාර්යාලයක්,නීතිපතිවරයා විසින් අපරාධ නඩු කටයුතු ආරම්භ කිරීම ,විශේෂ අධිකරණ පිහිටුවීම ,රජයේ අබිචෝදනාකාරයාලයක් ආරම්භ පිහිටුවිම.

අපේ විමර්ශන කටයුතු ඉතා හොඳයි.නමුත් විමර්ශන කටයුතු ආපස්සට යන වෙලාවක් තියෙනවා.දේශපාලන මැදිහත්වීම් ආවම තමයි විමර්ශන පැත්තකට වෙන්නේ.පාස්කු ප්‍රහාරයට උනේ ඒකයි.ඒ නිසයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වේ මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරොත් මගේ හිතවතුන්,දන්නා අඳුනන අය විශාල පිරිසක් මා සමග අමනාප වෙනවා කියලා.

පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ යහපාලන ආණ්ඩුව කාලේ.මේ තොරතුරු බුද්ධි අංශයට ආවා.ප්‍රහාරය සිද්ධ වුණ දවසේ ඔබේ තුන් පාරක් තොරතුරු ආවා.ස්ථාන,වෙලාව මේ සියලු තොරතුරු ආවා.ඊට සතියට කලින් දේවතාවක් තොරතුරු ආවා.ඇයි අපේ බුද්ධි අංශය නිහඩ වුණේ.බුද්ධි අංශ මේ ප්‍රහාරය වෙන්න ඉඩ ඇරියා.ලසන්ත වික්‍රමතුංග ඝාතනය,තාඩුජින් ඝාතනය මේ හැම එකටම බුද්ධි අංශ සම්බන්ධයි.බුද්ධි අංශයේ සුළු පිරිසක් ඉන්නවා මේ වගේ වැඩ කරන.

ඉන්දියාවෙන් තොරතුරු ආවෙ නිලන්ත ජයවර්ධන මැතිතුමාට.එතුමාගේ දුරකථනයේ දත්ත ඔක්කොම මැකුවා.ඇයි ඒ? දත්ත මැකුවේ එතුමාගේ දුරකථනයේ පාවිච්චි කරලා එතුමා යම් යම් පුද්ගලයන්ට මේක දැනුම් දෙන්න ඇති.අපි ඒක දන්නේ නෑ.එක්කෝ දැනුම්දීම් වහන්නයි.

පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා දින දෙකකට පසු කටුවාපිටියට ගෝඨාභය රාජපක්ෂ ගිහිල්ලා කියනවා ජාතික ආරක්ෂාව නෑ කියලා.ජාතික ආරක්ෂාව නෑ කියලයි බලය ඉල්ලුවේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here