බංගලියන් පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – Saru News Media ක්‍රීඩා

0
42

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2කට 0ක් ලෙස ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉණිම වෙනුවෙන් ලකුණු 531ක් රැස්කළා.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93යි. බංග්ලාදේශ කණ්ඩායම සිය ප්‍රථම ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 178ක් පමණයි.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳහෙළුවා.

අනතුරුව සිය දෙවන ඉණිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වුණා.

ශ්‍රී ලංකා දෙවන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා ලකුණු 56 ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස්.

ඒ අනුව කඩුලු 7ක් දැවී තිබියදී ලකුණු 157ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉණිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශයට ලබාදෙමින්. අනතුරුව සිය දෙවන ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටියා.

කෙසේ වුවද බංග්ලාදේශ දෙවන ඉනිම ලක්ණු 318 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද සමත් වුණා.

බංග්ලාදේශ දෙවන ඉනිමේදී කඩුළු 03 ක් බිදහෙලීමට ප්‍රභාත් ජයසූරියට හැකි වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ලකුණු 192 ක ජයග්‍රහණයක් හිමි කරගත්තා.

තරගයේ හා තරගාවලියේ වීරයා කමිදු මෙන්ඩිස්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here