ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට – Saru News Media ක්‍රීඩා

0
37

බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සිය අදහස් දක්වමින් කියා සිටියේ කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කළ නිසා මෙම තරගාවලිය ජය ගැනීමට හැකි වූ බවයි.

එසේම ඉදිරි එංගලන්ත තරග සංචාරය සාර්ථකව ජයග්‍රහණය කර ගැනීම සඳහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසුවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here