Google search engine
Home ගොසිප් පුවත් මැරතන් තරඟයේ සිසුවා ඇදවැටී මියගිහින්

මැරතන් තරඟයේ සිසුවා ඇදවැටී මියගිහින්

0
27

giriulla-incident

සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු ඊයේ 21වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෑතෑව අමරගොඩ ප්‍රදේශයේ අධිකාරී මුදියන්සේලාගේ රවිදු ඩිල්ෂාන් අධිකාරී නමැති පාසල් සිසුවෙකි.

ඔහු ලබන මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වී සිටි සිසුවෙකි.වැත්තෑව ප්‍රජා ශාලාව අසලින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම මැරතන් ධාවන තරගයට සහභාගී වූ මෙම සිසුවා එම තරගය අවසන් කිරීමට මීටර් 500ක පමණ දුරක් තිබියදී මාර්ගයේ ඇද වැටී අසල තිබූ කාණුවකට පෙරළී ගිය බව අවුරුදු උත්සවය නැරඹීමට ගොස් සිටි කිහිප දෙනකු පැවැසූ අතර දිව යන විට කලාන්තය සෑදී ඇද වැටෙන්නට ඇතැයි පැවසේ.

එම තරගය පැවැත්වෙන අවස්ථාවේ ප්‍රදේශයේ අධික අව් රශ්මියක් තිබුණු බව ද කියති.

ඇද වැටුණු මෙම ක්‍රීඩකයා රෝහල් ගත කෙරුණු අතර වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බව දැනුම් දී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි.කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරකෝන් මහතා ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here