මුන්වහන්සේලා බෞද්​ධ ශාසනය​ට කරන හානිය සුළුපටුද? – Saru News Media

0
4

මහාවංශයේ එන සඳහනක් අනුව තමන් වහන්සේගේ ශාසනය ලංකාවේ ආරක්ෂා වන බව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පැවසූ බව කියැවෙනවා. උන්වහන්සේ උපත ලැබූ ඉන්දියාවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වී යද්දී පවා අපේ රටේ  රජවරු සහ මහජනතාව තමන්ගේ දිවි දෙවැනි කොට ගෙන  සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කටයුතු කළා. නමුත් මෑත කාලීනව අපිට පෙනී යන දෙයක් තමයි සාම්ප්‍රදායික බුද්ධාගමට විවිධ ප්‍රහාර එල්ල කරන මට්ටමේ භික්ෂූන් වහන්සේලා කීප නමක් සමාජය තුළ පහළ වෙලා ඉන්නවා කියන එක. අපි අද එවැනි භික්ෂූන් වහන්සේලා කීපදෙනෙක් ගැන කතා කරමු.

 

නවීන විද්‍යාවත් බුද්ධාගමත් ගළපමින් ආකර්ෂණීයව දහම් දෙසූ භික්ෂූන් වහන්සේ නමක් දොරමඩලාව හරහා මීට වසර ගණනාවකට පෙර කලඑළි බැස්සා. නමුත් පසු කාලයක දී උන්වහන්සේ තමන්ගේ නම සමන්තභද්‍ර  ලෙස වෙනස් කරමින් සිදු කළ ඇතැම් ධර්ම දේශනා අතිශයින් ආන්දෝලනාත්මක වුණා. ඇතැම් අවස්ථාවල තමන් රහතන් වහන්සේ නමක් ලෙස ද උන් වහන්සේ විසින්ම හඳුන්වා ගත්තා. මේ නිසාම මල්වතු මහා විහාරය විසින් උන්වහන්සේට දැඩිව අවවාද කරනු ලැබුවා. වර්තමානයේ උමංදාව මහා විහාර සංකීර්ණය හරහා ලෞකික දියුණුව වෙනුවෙන් උන්වහන්සේ ලෝකයට විශාල වැඩපිළිවෙළක් පෙන්වා තිබෙනවා. නමුත් එම වැඩපිළිවෙළ බෞද්ධයාගේ ලෝකෝත්තර දියුණුවට කෙතරම් දායක වෙනවද කියන එක ප්‍රශ්නයක්.

 

සාම්ප්‍රදායික ගමේ පන්සල වෙනුවට අසපු සංස්කෘතියක් ප්‍රචලිත කිරීමට ඤාණානන්ද හිමියන් කටයුතු කළා. උන්වහන්සේ ගිහි කල කිතුණු බැතිමතෙකු නිසා මේ සිදු කරන්නේ ශාසනික හානියක් බව බොහොමයක් භික්ෂූන් වහන්සේලාගේ මතය වී තිබෙනවා. විශේෂයෙන්ම අභිධර්මය පිටකය ප්‍රතික්ෂේප කිරීමත්, විවිධ ප්‍රතිමා නිර්මාණය කරද්දී ඕලාරික ස්වභාවයෙන් ඒවා නිර්මාණය කිරීමට කටයුතු කිරීමත් උන්වහන්සේට එල්ල වන බරපතළ චෝදනා අතරින් කීපයක්.

 

මෑතකාලීනව බුද්ධ ධර්මයට අමුතුම විදිහේ නිරුක්ති සපයන්න මූලික වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් විදිහට වහරක හිමියන් හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට උන්වහන්සේ අපවත් වෙලා. නමුත් උන්වහන්සේගේ ගෝලබාලයන් තවමත් උන්වහන්සේ දේශනා කරනු ලැබූ අර්ථකථන ඉදිරියට ගෙන යමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම  ත්‍රිපිටකයේ පාඨ සඳහා සිංහලයෙන් අර්ථකථන ලබාදීම ආරම්භ කරන ලද්දේ මුන්වහන්සේයි. ඇතැම් අනුගාමිකයන් විශ්වාස කරන පරිදි මුන්වහන්සේ රහත්ඵලය සාක්ෂාත් කරගත් කෙනෙක්.

 

අපේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ඉන්දියාවේ නොවේ ලංකාවේ කියන දුර්මතය සමාජගත කරන්න මූලිකත්වය ගත්ත භික්ෂුවක් විදිහට ධම්මාලංකාර හිමියන් හඳුන්වන්න පුළුවන්. ඇතැම් තැන්වලදී මුන් වහන්සේ වහරක හිමියන්ගේ ගෝලයෙකු බව කියවෙනවා. බුද්ධ චරිතයට අදාළ සිදුවීම් සිදුවුණු සියලුම ස්ථාන ලංකාවේ පිහිටා ඇති බවට තර්ක කළ උන්වහන්සේ ඉන් නොනැවතී  මෙතෙක් කල් අප ත්‍රිපිටකය වරදවා තේරුම් ගෙන ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here