රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළැයි චෝදනාලැබූ සැකකරුට ඇප

0
8

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු,

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් පෙරේදා (24 වැනිදා) නියම කළේය.

තවද ඉදිරිපත් වන ඇපකරුවන් ග්‍රාම නිලධාරී සහතික මගින් ඒ බව සනාථ කළ යුතු බවට ඇප කොන්දේසි ද පනවා තිබිණි.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු සතුව ගුවන් බලපත්‍රයක් නැතිනම් ඒ බව දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කළ යුතු බවට ද වැඩිදුරටත් නියෝග කළේය.

රෝහණ බැද්දගේ විසින් 2014 වසරේ සූර්ය මංගල්‍යය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් විකෘති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන අප්‍රේල් 17 කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබිය. 

දුම්මලසූරිය කාර්යාලයට අනුයුක්තව සුරාබදු නිලධාරියකු ලෙස සේවය කළ මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අසංග විජේසිංහ නමැති එම සැකකරු ඉකුත් නඩුවාර දෙකකදී රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබිණි.

ඊයේ දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ සපුමල් තෙන්නකෝන් සමග නීතීඥ දිනිත් විඡේසුරිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් සැකකරුගේ නිදහස වෙනුවෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළේය. 

අසැබි වදන් යොදා සූරිය මංගල්ලේ’ ගීය ප්‍රතිනිර්මාණය කිරීම බන්ධනාගාරගතව සිටින සැකකරු විසින් නොකළ බවටත්, අන්තර්ජාලයේ තිබූ වීඩියෝවක් බාගතකර තම ගිණුමේ උඩුගතකිරීම පිළිගන්නා නමුත්, එම නිර්මාණයට සැකකරු කිසිදු දායකත්වයක් නොදැක්වූ බවට වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග සිදු කළේය.

(මනුසත් සේරසිංහ – කුලියාපිටිය)

සබැඳි පුවත් :

ඉස්සෙලම අච්චු කරන්න ඕන බැද්දගේටයි, විජේවීරටයි

රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

අවුරුදු ගීතයක් විකෘති කිරීම ගැන රෝහණ බැද්දගේ කියන කතාව

අවුරුදු ගීතයක් විකෘති කළ පුද්ගලයින් සොයා විමර්ශනයක්


Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here