ලෝක ඉතිහාසයේ දරුණුම යුද්ධ – Saru News Media

0
5

ලෝක ඉතිහාසය ගැන හොයල බලනකොට අපිට විශේෂයෙන් දැනගන්න ලැබෙන ඉතා වැදගත් සිදුවීම් විශේෂයක් විදිහට ඉතිහාසයේ ඇති වුණු  ඉතා දරුණු යුද්ධ කැපී පෙනෙනවා. යුද්ධයක් කියන දේ සිදු නොවිය යුතු දෙයක් උනත් රටවල් අතර දේශපාලනික කාරණා නිසා බොහෝ විට මේ විදිහේ යුද්ධ ඇති වෙලා තියෙනවා. ඒ යුද්ධ වලින් ඇති වෙච්ච ප්‍රතිවිපාක මේ ලෝකයේ බහුතරයකගේ ජීවිත වලට බලපෑම් ඇති කරල තිබෙනවා. කතාවකුත් තියෙනවනේ “සාමය ඇති කළ පුත්තු පියවරුන් මිය යනු දකිති. යුද්ධයේදී පියවරු පුතුන් මිය යනු දකිති” කියල. අන්න ඒ වගේ හැම දේම කණපිට හැරෙන සිදුවීම් මාලාවක් තමයි යුද්ධ කියන්නෙ. එක අතකට අපි හැමෝගෙම සංස්කෘති වල ආරම්භක අවධි වලදී පවා මහා ලේ වැගිරීම් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ විදිහේ මහා යුද්ධයක් විදිහට රාවණා රාම යුද්ධය හඳුනාගන්න පුළුවන්. අන්න ඒ වගේ ලෝක ඉතිහාසයේ සිදු නොවිය යුතුව තිබුණු, නමුත් සිදු වුණු දරුණුතම යුද්ධ ගැනයි අපි අද කතා කරන්නේ. 

 

 

එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම යුද්ධය විදිහට දෙවෙනි ලෝක යුද්ධය හඳුන්වන්න පුළුවන්. අද පවා මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරම් මුළු මහත් ලෝකයම (රටවල් කිහිපයක් හැර) සම්බන්ධ වෙච්ච යුද්ධයක් විදිහට තමයි දෙවෙනි ලෝක යුද්ධය නම් කෙරෙන්නේ. 1939 දී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම තමයි මේ විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්න ආසන්නතම හේතුව උනේ. නමුත් එකින් එකට සම්බන්ධ වෙච්ච හේතු කාරණා ගණනාවක් මේ තත්ත්වය ඇති වෙන්න බලපෑවා. කොහොම උනත් සරලවම අතිශය දේශපාලනික හේතු කාරණා රාශියක් එකිනෙකට ගැටගැසීම නිසා මේ යුද්ධය ඇති වුණා කියන්න පුළුවන්. යුද්ධය කොහොම ඇති වුණත් ප්‍රතිඵලය වෙන්නෙ වටිනා මනුෂ්‍ය ජීවිත අහිමි වෙන එකයි. ඉතින් මේ යුද්ධය නිසා සිදු වුණු මරණ සංඛ්‍යාව හරියටම කියන්න බැහැ. නමුත් දළ වශයෙන් හමුදා සෙබළුන් කෝටි දෙකක් සහ සිවිල් ජනයා කෝටි හතරක් ඇතුළුව මුළු මරණ කෝටි හයක් පමණ කියල තක්සේරු කරලා තියෙනවා. 

 

 

 

චීන ජනරජය සහ ජපාන අධිරාජ්‍යය අතරේ තමයි මේ යුද්ධය නිර්මාණය උනේ.  මේ යුධ ගැටුම 1937 ඉඳල 1945 වෙනකන් ම පැවතුණා. මේ යුද්ධය ඉතාම සාහසික යුද්ධයක් බවට පත් වෙනවා, ජපන් හමුදා විසින් චීන සිවිල් වැසියන් දුෂණය කිරීම්, කොල්ලකෑම්, මරාදැමීම් ඉතා විශාල වශයෙන් සිද්දකරපු නිසා. හැබැයි මේ යුද්ධයට ආසන්නතම හේතුව උනේ චීනයේ ලුගෝඋ පාලම අසල සිද්ධ වුණු සිදුවීමක්. එක හමුදා සෙබළෙක් නිසා වුණු සිදුවීමක් ඉතා දරුණු යුද්ධයක් බවට පත් උනා. ඉතින් මේ යුද්ධය හේතුවෙන් මනුෂ්‍ය ජීවිත මිලියන විසි පහක් විතර අහිමි වුණා. විශේෂයෙන් මේ යුද්ධය තුළ කාන්තාවන් විසිදහසක් පමන ජපන් හමුදාව විසින් දුෂණය කොට තිබෙනවා. 

 

 

1950 අවුරුද්දේ චීනයේ ඇති වුණු සිවිල්  යුද්ධයක් තමයි තායිපින්ග් කැරැල්ල විදිහට හඳුන්වන්නේ. එවකට චීනයේ හිටියා පුද්ගලයෙක්. ඔහුගේ නම Hong Xiuquan. ඔහු කියන විදිහට ඔහු ජේසුතුමාගේ සහෝදරයෙක්. ඔහු විසින් චීන ජාතිකයින් අන්‍යාගමිකකරණයට කටයුතු සිදු කළා. සැලකිය යුතු ජනතාවක් ඔහු විසින් කතෝලික ආගමට හරවන්න සමත් උනා. නමුත් අවසානයේ ඉතා විශාල ලේ වැගිරීමකින් පස්සේ තමයි මේ ගැටුම සමනය වෙන්නෙ. හැබැයි ඒ වෙද්දී මිලියන විස්සකට වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා තිබුණා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here