වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධතාව වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ අධිකරණය ප්‍රතික්ෂේප කරයි – Saru News Media දේශීය පුවත්

0
12

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින්  ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහජන පීඩාවක් හෝ අනර්ථයක් සිදුවන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක විය යුතු බවත් ඊට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළා.

වෛද්‍ය පීඨයේ සිසුන් 250කට අධික පිරිසක් ලිප්ටන් වටරවුම හා ඊට ආසන්න තදාසන්න ප්‍රදේශවල විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවටයි පොලීසිය කරුණු දක්වා තිබුණේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here