ශරීරය මහත් කරවන්න බලපාන ලොකුම හේතු 7ක් – Saru News Media

0
9

ඇඟ මහත් වෙන්න තියෙන හේතු මොනවද? එහෙම හිතුවම මුලින්ම කට්ටිය හොයල බලන දෙයක් තමයි දෙමවුපියන්ගෙ ශරීර. ඒ ජාන නිසා මහත කියන දේ ඔබට උරුම වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ වගේ ස්වාභාවික තත්ත්වයක් නොවන, ඔබේ ජීවන රටාව සහ පුරුදු නිසාත් ඔබේ සිරුර මහත්වෙන්න පුළුවන්. ඒ විදියෙ පුරුදු හතක් ගැනයි අපේ මේ සටහන. ඔබත් මහත සිරුරක් හිමි අයෙක්නම් මේ පුරුදුවලින් වෙන්වෙලා නිරෝගී සිරුරක් හිමිකරගන්නට උත්සාහ කරන්න.

 

ක්ෂණික ආහාර එහෙමත් නැත්නම් ලේසියෙන් කන්න පුළුවන්, ලේසියෙන් ගන්න පුළුවන් ආහාර ප්‍රධාන වශයෙන් සංයෝග දෙකකින් යුක්තයි. ඒ පිටි සහ තෙල් හෝ පිටි සහ සීනි කියන සංයෝග දෙකයි. මේ ආහාර මිනිසුන් වැඩි වශයෙන් ඇබ්බැහි කරවාගන්නම යොදපු මාකටින් ක්‍රමවේදයක් එක්ක මිනිසුන් අතරට එනවා. ඒ වගේම වැඩි අලෙවියක් වෙනුවෙන් වැඩියෙන් රස ගන්වා ඒ ඒ ආරට සැකසීමත් මෙම ආකර්ෂණය ඉහළ නංවනවා.

 

ඇතැමුන් බොහෝවිට මහත්වෙන්නේ ඔවුන් සිටින වැරදි මත නිසායි. උදාහරණයකට ‌පොල් තෙල් ගුණද අගුණද යන්න, බිත්තර සුදු ‌මද සහ කහ මද අතරින් ඇඟට ගුණ කුමක්ද යන්න, ආහාර ගැනීමෙන් පසු තේ පානය කිරීම යෝග්‍යද නැද්ද යන්න වැනි කාරණා ගැන සමාජයේ මිශ්‍ර අදහස් පවතින නිසා බොහෝ පිරිස් වැරදි මග තෝරාගන්නට තියෙන ඉඩකඩ වැඩියි. කෙනෙකුගේ ශරීර සහ සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන ආහාර රටාව තවත් කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්. එනිසාම එය ඔවුන්ගේ සිරුරු මහත්වීමට බලපාන්නට හැකියි.

 

කිසිඳු ව්‍යායාමයක් හෝ ක්‍රියාකාරීත්වයක් සිරුරට නොලැබීමත් ශරීරය මහත්වීමට හේතුවක්. ඔබේ රැකියාව සහ කාර්යබහුලත්වය නිසා ඔබ මගහැරගන්නා කෙටි ව්‍යායාමය පසු කාලීනව ඔබට වැඩි වශයෙන් මහන්සි වීමට සිදුවන තත්ත්වයකට ඔබේ සිරුර පත් කරනවා ඇති. එනිසාම එකම තැන නොයිඳ හැකි පමණින් ක්‍රියාශීලී වීම හෝ එසේ ‌වන්නට අවස්ථා සාදා ගැනීම (විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙළ, එක් බස් හෝල්ට් එකක දුර ක්‍රියාශීලීව ගමන් කිරීම, වැඩකරන අතරතුර පවා කෙටි විවේකයක් ගෙන තරප්පු පෙළ බැස නැවත පැමිණීම) ඔබට සිදු කළ හැකියි. කාර්යබහුල ජීවිතයක් ගෙවන අතරතුර ශරීර සෞඛ්‍යය රැකගන්නා ආකාරය ගැන මේ ලිපියෙන් ඔබට වැඩිදුර දැනුවත් වෙන්න පුළුවන්.

 

මහත වැඩිකරවන තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙසින් සීනි දක්වන්නට පුළුවන්. වෛද්‍යවරුන් ස්ථූලබවට ප්‍රධානම හේතුවක් ලෙසින් සීනි දක්වනවා. වැඩි වශයෙන්ම භයානක වන්නේ බීම වර්ග සහ නොයෙකුත් රස කැවිලිවල අඩංගු කර පැමිණෙන සීනි ප්‍රමාණයයි. එය ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් ලෙසින් කොටස් දෙකකට බෙදෙනවා. වැඩිවශයෙන් ෆෘක්ටෝස් සිරුරට එක්වීම හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන අතරම සිරුරේ ඉන්සියුලින් මට්ටමටත් බලපෑමක් කර, ඒ හරහා මේදය ගබඩා කරවීමටත් මග සාදනවා.

 

අඩු නින්දක් ලබන බොහෝමයක් පිරිස වැඩි වශයෙන් ආහාර ලබාගන්නවා. එය බොහෝවිට නින්දෙන් මොළයට අවශ්‍ය තත්ත්වය සන්තර්පනය කිරීම වෙනුවෙන් ලබාගැනීමට පොළඹවන ආහාර පුරුද්දක් විය හැකියි. ආහාර රුචියේ අඩු වැඩි වීම් සමග නින්ද මදකම බැඳී ඇතැයි සැළකෙනවා. ඒ නිසා පරීක්ෂණ මගින් ඔප්පු වී ඇත්තේ නින්ද මදකම බැහැර කිරීමට අමතර කැලරි ලබාගැනීමට මිනිසුන් පෙළඹෙන බවයි.

 

බොහෝ ඖෂධ වර්ගවල අතුරු ඵලයක් ලෙසත් ඔබගේ සිරුරේ ස්ථුල බව අධික වීම සිදුවිය හැකියි. ඔබගේ මානසික ආතතිය මගහරවන බෙහෙත් වර්ග, දියවැඩියාවට ලබාදෙන බෙහෙත් වර්ගවල අතුරු ඵලයක් ලෙසින් ඔබේ සිරුර මහත් විය හැකියි. එය බොහෝවිට බෙහෙත්වල ඇති රසායනික සංයෝග මොළය හා සිදුකරන ගනුදෙනුවක ප්‍රතිඵලයක් හෝ ඉන්සියුලින් ‌හෝ ලිතියම් වැනි දේ අඩංගු වීම නිසා සිදුවෙන්නක් විය හැකියි.

 

ප්‍රධාන වශයෙන්ම සිරුරේ මහතට හේතුවන්නේ ඔබේම වැරදි ආහාර පුරුදුයි. කිහිපවිටක් ආහාර ගැනීම, නිශ්චිත වේලකට නිශ්චිත වෙලාවක ආහාර නොගැනීම, සීනි සහිත ආහාර වැඩිපුර ලබාගැනීම වැනි තත්ත්ව එයට හේතුවෙයි. එවන් මොහොතක වැරදි ලෙස ඔබේ සිරුරට වැටෙන ආහාර නිකොටීන්, කොකේන් හෝ ඇල්කොහොල් තරමටම ප්‍රබල හානියක් ඔබේ සිරුරට ඇති කරන බව පැවසෙනවා. ඒ වගේම යමක් සිහි තබා ගත යුතුයි. ඔබ ඔබේ ආහාරය අවසන් කළ යුත්තේ පිඟානේ ඇති දේ අවසන් වූ පසු නොවෙයි. ඔබේ කුසගින්න අවසන් වූ වහාමයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here