සුදු ළූණු වල ප්‍රයෝජන – 01 – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

සුදු ළූණු කියන්නෙ අපිට ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දෙයක්. ගෙදර දොරේ නිතරම තියෙන දෙයක්. ඇත්තටම සුදු ළූණු ගැන හොඳින්ම දන්න කාරණාවක් තමයි විෂබීජ නාශනයෙදි වැදගත් කියල. ඊට අමතරව අද කාලේ ගෑණු ළමයින්ට සුදු ළූණු වලින් ගන්න තියෙන වටිනාකම් මොනවද ?

කෑම රසවත් කරන්න, විෂබීෂ නාශනයට බොහෝම වැදගත් විදියට සැලකෙන සුදුළූණු, අපි බලන හොලිවුඩ් චිත්‍රපටි වලට අනුව වැම්පයර්ලගෙන් බේරෙන්නත් ප්‍රයෝජනවත් වෙනව. සුදුළූණු ග්‍රෑම් 100ක කැලරි 100ක් තියෙනවා කියල හොයාගෙන තියෙනවා ඒ කියන්නෙ පෞෂ්‍ය ගුණය අතින් සුදුළූණු ගොඩක් ඉහලයි. නමුත් අපි ඇත්තටම ඒ තරම කන්නෙ නෑනේ. කන්නත් බෑ. කෙට්ටු අයට නම් යම් සහනයක් ගන්න තිබ්බා, නමුත් සුදුළූණු සැර නිසා ලේසි නැහැ.
සුදුළූණු වල තියෙන කාබෝහයිඩ්‍රේට පෝෂ්‍ය පදාර්ථ වල කායික මෙන්ම මානසික සෞඛ්‍යද ඉහල නංවන්න පුලුවන්. ඒවගේම විටමින් සහ ඛනිජ ලවණ වලිනුත් ඉහල දෙයක් සුදුළූණු. විශේෂයෙන්ම සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් හොදින් අන්තර්ගත වෙනවා.

Image: almaghreb24.com

සුදුළූණු වලට පුලුවන් අපේ ශරීරයේ මෙටබොලිසම් එකේ ඒකියන්නෙ ක්‍රියාකාරිත්වයේ තියෙන ගැටළු නිරාකරණය කරන්න, රෝගී අවස්ථා වල  ශරීරයට ප්‍රතිශක්තිය ලබාදෙන්න වගේම සමහර වෙලාවට ශ්වසන පද්ධතියේ තියෙන ගැටළු වලටත් සුදුළූණු වලින් ආරක්ෂාවක් දෙන්න පුලුවනි. සුදුළූණු වලින් ශරීරයේ කොලොස්ටරෝල් ලෙවල් එක  අඩු කරනවා. ඒවගේමයි සිරුරේ රුධිර පීඩනය ක්‍රමවත් කරනවා. තව දෙයක් රුධීර ගමනාගමනයත් ක්‍රමවත් කරනවා. ඒවගේම සුදුළූණු වල තවත් වැදගත්ම දෙයක් තමයි අකලට වයසට යන එකට වැට බදින එක. ඒකියන්නෙ ඔබට වයසක පෙනුමක් තියෙනව නම් තරමක් හරි තාරුණ්‍යයට අදාල පෙනුමක් ලැබෙන්න සුදුළූණු උදව් කරනවා.

ඉතින් මේ වගේ ගුණාංග බොහෝමයක් තියෙන සුදුළූණු, අපි දන්න දෙයක්. වෙනදට වඩා සුදුළූණු වල වටිනාකම් අපි දන්නවනේ දැන් ? එනිසා ආහාර රසවත් කරන්න වගේම සුදුළූණු නිරෝගී භාවයටත් හරිම වැදගත් දෙයක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here