දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පෝෂ්‍ය පදාර්ථ ගොඩක් අවශ්‍යයි. ඒ අතරින් විටමින්, අයන්, ඔමේගා 3, ප්‍රෝබයෝටික්ස් විශේෂයි. ඉතින් දෙමව්පියන් විදියට දරුවන්ට දෙන කෑම ගැන අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් වසංගත තත්ත්වයක් පවතින මේ කාලයේ අපි වැඩිපුර අවධානයක් දරුවන්ගෙ ප්‍රතිශක්තිකරණය ගැන යොමු කරන්න ඕනෙ. ඒ නිසාම දරුවගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවාගන්න අවශ්‍ය වෙන කෑම වර්ග ටිකක් ගැන ඔයාලා එක්ක කතා කරන්න හිතුවා. මේක ඔයාලට සෑහෙන්න වැදගත් වෙයි.
විටමින් A, B හා E ගුණයෙන් සපිරි බිත්තර කියන්නෙ බබාලගෙ බර වැඩි කරන පෝෂ්‍යදායක ආහාරයක්. ස්වභාවිකවම මේ පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි බිත්තර දවසකට එකක්වත් බබාලට දෙන්න ඕනේ. බිත්තර දෙකකට ලුණු, ගම්මිරිස්කුඩු, චීස් කෑල්ලක්, නිවිති කොළ ටිකක් දාලා විස්ක් කරලා, මෆින් ට්‍රේ එකකට දාලා විනාඩි 12ක් වගේ බේක් කරලා දුන්නොත් බබාලා ආසාවෙන් කයි.
ප්‍රතිඔක්සිකාරක ගතියෙන් යුත් බෙරීස් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩවන්න ගොඩක් වැදගත්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්බෙරි, ක්‍රෑන්බෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි වගේ බෙරි වර්ග වලින් එකක්වත් දරුවන්ගේ ආහාර වේලට එකතු කරන්න. ඕට්ස් වලට කිරි දාලා ඕනම බෙරි වර්ගයක් හරි කීපයක් හරි දාලා කලවම් කරලා බබාලට දෙන්න පුළුවන්.
බතල කියන්නේ විටමින් A වලින් පරිපූර්ණ හරිම රස කෑමක්. මීට අමතරව බතලවල විටමින් B සහ C අඩංගුයි. කැල්සියම්, පොටෑසියම්, සින්ක් වගේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බතල වල අඩංගුයි. ප්‍රතිශක්තියට වගේම ඇස් වල සෞඛ්‍යයට ඉතාම ගුණදායකයි. පොඩි අයට බතල තම්බලා පොල් එක්ක හරි චීස් කෑල්ලක් එක්ක හරි දුන්නොත් කයි. මොන කෑමක් උනත් කන්න ආසා හිතෙන විදියට දුන්න නම් ප්‍රශ්නයක් නෑ. බතල ටික පොඩි කරලා සුප් එකක් වගේ හදලා දුන්නත් පොඩ්ඩො ආසාවෙන් බොයි.
ආමන්ඩ්, කජු, වෝල්නට්ස්, පිස්ටාචියෝ වගේ නට්ස් පොඩි අයගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නගා සිටුවන්න උදව් වෙනවා. විටමින් E, B6, ප්‍රතිඔක්සිකාරක, ඔමෙගා 3, යකඩ, පොටෑසියම්, මැග්නීසියම් වගේ පෝෂණ ගුණයන් රාශියක් මේ නට්ස් වර්ගවල අඩංගුයි. මේ හැම දෙයක්ම ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය වෙනවා. ආමන්ඩ් කෝප්ප 1කට මේපල් සිරප්, යෝගට්, කිරි කෝප්පයක් දාලා අයිස්කැට කිහිපයක් එක්ක බ්ලෙන්ඩ් කරලා ස්මූති එකක් හදලා දුන්නොත් පොඩ්ඩො ආසාවෙන් බොයි. ඒ වගේම සීරියල් හදනකොට මේ නට්ස් එකතු කරලා කිරි එක්ක දෙන්නත් පුළුවන්.
Saru Fm Media