සුදුළූණු, ඉඟුරු, තක්කාලි, ළූණු කුඩු කර කල්තබා ගන්න මෙහෙම කරන්න – Saru News Media

0
28

අපි පුරුදු වෙලා ඉන්නේ මිරිස්, කහ, තුනපහ ආදිය කුඩු කරල ආහාරයට එකතු කර ගන්න. නමුත් අපි අතීතයට ගිහින් බැලුවොත් අතීතයේ ලංකාවේ අස්වැන්න අතිරික්තයක් විදියට ගොඩ ගැහෙනකොට කුඩු කර, වේලා කල්තියා ගත්තා. ඒ වගේම මේ කාලයේ යුරෝපයේ ගොඩක් රටවල මාර්කට් එකේ සුදුළූණු, ඉඟුරු, තක්කාලි, ළූණු කුඩු කර විකුණන්න තියෙනවා.
ඉතින් අලුත්වෙන ලෝකෙත් එක්ක කාර්‍යබහුල වෙන අපි බලමු සුදුළූණු, ඉඟුරු, තක්කාලි, ළූණු කුඩු කර කල්තියාගන්නේ කොහොමද කියලා.

how to preserve onion garlic ginger tomato coffee as powder

ළූණු හොඳින් සෝදා බැදුමටකට ළූණු ලියා ගන්න විදියට හීනියට ලියා ගන්න. ඊට පස්සේ පිරිසිදු තහඩුවක අතුරලා තද අව්වේ වේලා ගන්න. වේලෙන්න දවස් කීපයක් යනවා. දුඹුරු පාට වෙනකම්, හොඳින් දිය ගතිය හිදෙනකම් වේලාගත්ත ළූණු ටික ග්‍රයින්ඩ් කර ගන්න. හොඳින්ම කුඩු කර පවුඩර් කර ගන්න.
ඉන්පසු පවුඩර් එක හුළං වැදෙන් නැති ලෙස බෝතලයකට දා ගන්න. ළූණු 1gk එකකින් ළූණු කුඩු 70g හදා ගන්න පුළුවන්.

how to preserve onion garlic ginger tomato coffee as powder

තක්කාලි කුඩු කර හදාගන්න කො⁣ට වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනි. මොකද තෙත තක්කාලි වේලන විට නරක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මුලින්ම තක්කාලි හොඳට වේලලා හීනියට කපා ගන්න. ඇට ඉවත් කරන්න අවශ්‍ය නෑ. තහඩුවකට දාල හොඳින් වේලා ගන්න. තක්කාලි වලට මැස්සො, කෘමි සත්තු එන්න තියෙන ඉඩ වැඩි නිසා තක්කාලි ටික නෙට් කැබැල්ලකින් ආවරණය කරගන්න අමතක කරන්න එපා. තද අව්වේ හොඳින් කරවෙනතුරු වේලා ගන්න. වේලාගත් තක්කාලි ග්‍රයින්ඩ් කරන්න. කුඩු කරගත් තක්කාලි හුළං වැදෙන් නැති වෙන්න භාජනයකට දා ගන්න. තක්කාලි කුඩුයි, මිරිස් කුඩුයි අඳුර ගන්න බැරි තරමටම පාටින් එක සමානයි. ඔයාලට තක්කාලි පල්ප් එක හදාගන්න ඕනි නම් තක්කාලි කුඩු වලට උණු වතුර දාල හදා ගන්න පුළුවන්.

how to preserve onion garlic ginger tomato coffee as powder

කෝපි කුඩු කර ගන්නා විදිහ ටිකක් වෙනස්. ගහෙන් කඩාගත්ත හොඳින් ඉදුණු සහ හොඳින්ම පැහුණු කොපි ඇට තද අව්වේ වේලා ගන්න. පොත්ත තද කළුපාට වෙනකම් වේලාගන්න ඕනි. වේලාගත් කෝපි ඇට ග්‍රයින්ඩර් එකක හරි, නැතිනම් වංගෙඩියකට දාල හරි, කොටා උඩ පොත්ත ඉවත් කර ගන්න. මේ දෙකම කරන්න බැරි නම් ළඟ තියෙන මෝලකට දීල පොත්ත ඉවත් කර ගන්න. පොත්ත ඉවත් කරගත් කෝපි ඇට කබලේ හොඳින් බැද ගන්න. ගොඩාක් කළුපාට වෙන්න දෙන්න එපා. ඉන්පසු බැද ගත් කෝපි ඇට ග්‍රයින්ඩ් කර ගන්න. මේ ටික මෝලකට දීල වුනත් ඔයාලට කොටා ගන්න පුළුවන්. වියලි භාජනයකට දා ගන්න.

how to preserve onion garlic ginger tomato coffee as powder

සුදු ළූණු පොතු ඇරල සෝදා ගන්න. සුදු ළූණු චොපර් එකකින් හොදින් චොප්කරන්න. නැතිනම් කුඩා කෑලි වලට හීනියට කපා ගන්න. ඉන්පසු පිරිසිදු තහඩුවක අතුරලා තද අවුවේ වේලා ගන්න. දවස් කීපයක් වේලා ගන්න. දුඹුරු පාටට එනකම් දිය ගතිය නැති වෙනකම් වේල ගන්න. ඊට පස්සේ සුදු ළූණු ටික ග්‍රයින්ඩ් කර ගන්න. හොඳින්ම කුඩු කර පවුඩර් කර ගන්න. ඉන්පසු පවුඩර් එක හුළං වැදෙන් නැති ලෙස බෝතලයකට දා ගන්න.

how to preserve onion garlic ginger tomato coffee as powder

ඉඟුරු පොතු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සෝදාගත් ඉඟුරු හීනියට ලියා පියළි කර ගන්න. මේ පියළි කරගත් ඉඟුරු පිරිසිදු තහඩුවක අතුරලා තද අවුවේ වතුර හොඳින්ම හිදෙන තුරු වේලා ගන්න. ඉඟුරු අපට අවශ්‍ය විදියට වේලිලා නම් වේලුනු ඉඟුරු පපඩම් වගේ අතින් පොඩිකරන්න පුළුවන් වෙන්න ඕනි. වේලුනු ඉඟුරු ග්‍රයින්ඩ් කර ගන්න. හොඳින්ම කුඩු කර පවුඩර් කර ගන්න. ඉන්පසු පවුඩර් එක හුළං වැදෙන් නැති ලෙස බෝතලයකට දා ගන්න.

කුඩු කරගන්න පුළුවන් ගානට මේ හැම දෙයක්ම හොඳින්ම වේලා ගන්න අමතක කරන්න එපා. හොඳින් වේලුනාම අතින් පොඩිකරගන්න පුළුවන් ගානට එනවා. හොදටම වතුර හිදෙනකම් වේලලා ගත්තෙ නැතිනම් දින කීපයකින් පුස් කන්න පුළුවන්. ඒ නිසා වේලනකොට වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඒ වගේම කුඩු කර ගත් පසුව හුළං නොවදින්න වහල තියාගන්නත් අමතක කරන්න එපා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here