අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද – Saru News Media නවතම පුවත්

0
7

අභාවප්‍රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරු 02.00 ට මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකිරීමට නියමිතය.

පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහුගේ නිවසේ ඉදිකරන ලද සොහොනෙහි දේහය තැන්පත් කිරීමට නියමිතව ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 16) සිය වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමෙන් අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 64 වැනි වියේ පසුවිය.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here