අවපැහැ වූ දෙතොලට නව පෙනුමක් ලබා දෙමු – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

සෞඛ්‍ය සම්පන්න රෝස පාට පිරුණු තොල් කාන්තාවකගේ මුහුණට අතිරේක චමත්කාරයක් එක් කරයි. ආසාත්මිකතා, සෘජු හිරු එළියට නිරාවරණය වි තිබිම, නිසි ප්‍රමිතියකින් තොර තොල් අලේපන භාවිතා කිරිම වැනි කරුණු නිසා දෙතොල් වලට අදුරු පැහැයක් ගෙන දෙයි. පහතින් දක්වා ඇති නිවසේදිම කර ගත හැකි සරල ප්‍රතිකර්ම මඟින් ඔබේ දෙතොල් වලට නව පෙනුමක් ලබා ගත හැකි වනු ඇත.

මී පැණි අඳුරු පැහැගත් තොල් වලට ප්‍රතිකාර කළ හැකි හොඳම ස්වභාවික අමුද්‍රව්‍යයකි. එය ඔබේ තොල් පැහැපත් කර මෘදු බවක් ලබා දෙයි. සෑමදාම රාත්‍රී නින්දට පෙර ඔබේ තොල් මත මී පැණි ආලේප කරන්න. සති කීපයක් මෙම පිළිවෙත අනුගමනය කරන්න. ඔබේ දෙතොලෙහි වර්ණයෙහි පැහැදිලි වෙනසක් සිදු වනු ඇත.

ලෙමන් විරංජක කාරකයක් ලෙස ප්‍රසිද්ධ අතර එය අඳුරු තොල්වලට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායී පිළියමක් ලෙස භාවිතා කල හැක. සෑම රාත්‍රියකම ඔබේ තොල් මත නැවුම්ව මිරිකා ගත් ලෙමන් යුෂ ආලේප කර මෘදුව සම්භාහනය කරන්න.

බීට්රූට් යුෂ වල තොල් පිරිසිදු කර පැහැපත් කරවන ස්වාභාවික කාරකයන් ඇත. ඔබේ තොල්වලත් බීට්රූට් යුෂ භාවිතා කර ඵලදායී ප්‍රතිඵල ලබා ගන්න

ඔබේ තොල් මත අයිස් කැට තබන්න. මෙම සරල ප්‍රතිකර්මයෙන් දෙතොල්වල තෙතමනය රඳවා තබන අතර මනා හැඩයක් ද ගෙන දෙනු ඇත.

මෙම ස්වභාවික පිළියම් මඟින් පහසුවෙන්ම අඩු මුදලින්, අතුරු ආබාධ වලින් තොරව තොල් වල අඳුරු පැහැය දුරු කර කදිම දිප්තිමත් දෙතොලක් ලබා ගත හැකි වීම කෙතරම් පහසුවක් ද?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here