ඔබට පීඩා ගෙන දෙන අර්ශෂ් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

අර්ශෂ් රෝගය අද වන විට බොහෝදෙනෙකු පීඩා විඳින රෝගී තත්ත්වයක්. මේ රෝගය පිළිබඳව ආයුර්වේදීය විග්‍රහයක් සමගින් ඒ සඳහා වූ ප්‍රතිකාර, ඇවතුම් පැවතුම් පිළිබඳව මේ ලිපිය මගින් විග්‍රහ කරනවා.

රෝග ලක්ෂණ
තදබල ලෙස කේන්තියාම, ඇවිදීමේදී ඇතිවන අපහසුතාව, මුනින් අතට නිදා ගැනීමේදී හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමේ අපහසුතාව, නිසි පරිදි මල පිට නොවීම, අර්ශස් ගෙඩි ඇති වීම, රුධිරය පිටවීම, වේදනාකාරී බව,

අර්ශස් ඇති වීමට බලපාන හේතු
මූලික වශයෙන් අර්ශස් ඇති වීම සඳහා ජානමය වශයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකියි. මවට එසේත් නැත්නම් පියාට මෙම ලක්ෂණ පවතිනවා නම් ළදරු කලලයේ සිට දරුවාට ද මෙම රෝග ලක්ෂණවලට මුහුණ දීමට සිදු වේ. මීට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාවන් අර්ශස් ඇතිවීම සඳහා බලපාන ප්‍රබල හේතුවකි. මෙම අයහපත් ජීවන රටාවේ බලපෑම දරුවෙකුගේ කුඩා කාලයේ සිට ආරම්භ වන්නකි. මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්, පෙර පාසැල් යන වයසේ දරුවෙකු පිළිබඳ සලකා බැලූ විට ඉතා උදෑසනින් මව්පියන් විසින් ඔවුන් අවදි කර ගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් මැද ඔවුන් පාසැල් යැවීම සඳහා සූදානම් කරනු ලැබේ. මෙවැනි තත්ත්වයකදී දරුවාට වැසිකිලි අවශ්‍යතා පවා නිසි පරිදි නිදහසේ ඉටු කර ගැනීමට හැකියාවක් නොමැති විය හැකියි. බොහෝදුරට රාත්‍රී කාලයේදී දරුවන් වැඩිපුර වේලාවක් අවදි කරගෙන සිටීම නිසා උදේ කාලයේදී විශේෂයෙන් මව්වරුන්ට මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත් සමහරුන් උදේ කාලය තුළ දරුවාට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවන විට වැසිකිළියාමට අවශ්‍ය වුවත් මලපහ නොකරන ලෙසින් දරුවන්ට තරවටු ද කරනු ලැබේ. ඒ වගේම නිවසින් පිටතදී මෙන්ම පාසැලේදී පවා මලපහ නොකරන ලෙසින් ද අවවාද කරනු ලැබේ. මෙවැනි තරවටු කිරීම් නිසා දරුවෙකුට නිවසින් පිටතදී හෝ කුමන අවස්ථාවකදී හෝ මල පිටකිරීමේ අවශ්‍යතාව පැමිණියත් එය ඉවසා දරා ගැනීමට පුරුදු වේ. පසුව කාලයත් සමඟ මෙම තත්ත්වය ඔවුන් පුරුද්දක් බවට පත් කරගනු ලැබේ.

කුඩා දරුවන්ට පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට ද අත් වන්නේ මීට සමාන ඉරණමකි. ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ වැසිකිළියාම සඳහාවත් ඉඩක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නොමැත. තවද ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු : පිටි සහිත ආහාර වැඩිපුර භාවිතා කිරීමල ක්ෂණික ආහාර අම්ල අධික ආහාර ලබා ගැනීම :බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා. උෂ්ණ අධික ආහාර :ඉස්සෝ, දැල්ලෝ, බල මාළු- භාවිතයත් මීට බලපාන අනෙකුත් හේතුන් වේ.

ඉහත හේතූන්ට අමතරව ප්‍රධාන වශයෙන් ගැස්ට්‍රයිටීස් තත්ත්ව ආශි‍්‍රතව ඇතිවන ආහාර ජීර්ණයේ යම් යම් දුර්වලතා ද මීට හේතු වේ. ඒ අනුව ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා එහි අවසන් කෙළවරට :ගුද මාර්ගයට- අර්ශස් වැනි රෝගී තත්ත්ව ඇති කරනු ලැබේ.

රෝගී තත්ත්වය සුව අතට පත්වීමට නම්
මලපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මලපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලුවකි. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු උදෑසන අවදි වූ විගස මලපහ කළ යුතුයි. සාමාන්‍යයෙන් දවසකට දෙවරක් වත් අවම වශයෙන් මල පිට කිරීම ගැටලුවක් නොවුණත් ඊට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිලි යාමේ අවශ්‍යතාවන් ඇති වීමත් ගැටලුකාරී විය හැකියි.

මේ සඳහා පවතින ආයුර්වේදීය ප්‍රතිකාර
මෙහිදී මූලික වශයෙන් උදේ කාලයේදී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මලපිට කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලැබේ. මෙම ප්‍රතිකාර ක්‍රම ඉතාමත් සාර්ථක මට්ටමේ ක්‍රම නිසා ශල්‍යකර්මවලට භාජනය වීමට සිටින රෝගීන්ට පවා ඉතා පහසුවෙන් ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. ඉන් අනතුරුව ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම සමබර කිරීමේ ප්‍රතිකාරයක් ආරම්භ කරනු ලැබේ. මේ සඳහා ද ඉතාමත් ස්වභාවිකව නිෂ්පාදිත ඉතා හොඳ තත්ත්වයේ ඖෂධ ලබා දෙනු ලැබේ. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ඕනෑම අයෙකුට උචිත වන පරිදි මෙම ඖෂධ වර්ග නිපදවීම අර්ශස් රෝගීන්ට තවත් පහසුවකි.

අර්ශස් රෝගී තත්ත්වයත් සමඟ ඇතිවන වෙනත් රෝගී තත්ත්ව
මෙවන් රෝගීන්ට අර්ශස්වලට අමතරව මුහුණ දීමට සිදුවන වෙනත් රෝග ගණනාවක් තිබේ. ඒ අතරින් හිස කැක්කුම, තදබල ගැස්ට්‍රයිටීස් තත්ත්ව, වාත රක්ත තත්ත්ව, ඇදුම, දියවැඩියාව, මූලික තත්ත්වයක් ගනු ලැබේ. නමුත් මෙම රෝගී තත්ත්ව හා අර්ශස් අතර සම්බන්ධයක් පවතින නමුත් රෝගීන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකියි. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා අර්ශස්වලට පමණක් නොව ඒ සමඟ ඇතිවන වෙනත් රෝගී අවස්ථාවන් ද නිට්ටාවටම සුවකළ හැකි බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here