ඉගෙනගන්නට ඔස්ට්‍රේලියා නවසීලන්ත සරසවියක් තෝරාගැනීමේ වාසි – Reasons to go to aussy – Saru News Media

0
45

යහපත් අනාගතයක් දායාද කරගත හැකි පහසුම මාවතක් ලෙස ඉගැනීම දැක්විය හැකිය. එක් අතකින් ඉගනීම වනාහි අනාගතයට කරනු ලබන මාහැඟි දායාදයකි. ඔස්ට්‍රේලියාව නවසීලන්තය ආදී රටකට ගොස් ඉගෙනගැනීමට හෝ පශ්චාත් උපාධි හැදෑරීමට සැලකිය යුතු මුදලක් වැය වේ. එහෙත් ඒ මුදලට සමාන වටිනාකමක් තිබෙන නිසාවෙන් සෑම කලකම පාහේ ලංකාවෙන් වැඩිපිරිසක් එම රටවල් දෙකට අධ්‍යාපන කටයුතු වලට ඇදි යති. වෙනත් රටකට නොයා ඔසී නවසීලන්ත යෑමෙන් ලැබෙන වාසි මොනවාද අපි කිහිපයක් සලකා බලමු.

 

අප රටේ පතල මහා විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය අන්තර්ජාතික මට්ටමේදි ඇත්තේ 2044වන ස්ථානයේය. පේරාදෙනිය යනු එම ලැයිස්තුවෙ ලංකාවේ විශ්ව විද්‍යාල අතුරින් ඉහළම පිහිටි විශ්ව විද්‍යාලය වේ. කදිම වර්ණවත් දැන්වීම් දමන ලාංකික පෞද්ගලික අධ්‍යාපනික ආයතන වුවද එම ශ්‍රේණිගත කිරීම් අනුව ඇත්තේ පහල අඩියක වේ. ඔස්ට්‍රේලියාවේ ඇති සරසවි ගණන 43කි. නවසීලන්තයේ 8කි. ඒ සෑම විශ්ව විද්‍යාලයක් ම පාහේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඇත්තේ 200ටත් අඩු තැනකය. එනම් ලෝක මට්ටමේදී වඩාත් පිළිගැනෙන උපාධියක් ලබාගැනීමේ හැකියාව එම විශ්ව විද්‍යාල තුලින් හිමි වේ.

 

රුසියාව, චීනය, ජපානය,ජර්මනිය ආදී රටවලටද අධ්‍යාපනය ලැබීමට යෑමට අවස්ථාව ඇති මුත් ඒ බොහෝ අවස්ථාවල ඉංග්‍රීසි  බසට වඩා ඒ අදාල රටේ භාෂාව ඉගෙනගැනීම අනිවාර්ය වේ. අප පාසල්හි මුල් ශ්‍රේණි පටන් උගන්වන ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීම අපට වඩාත් පහසුවකි. ඔස්ට්‍රේලියා සහ නවසිලන්තය ඉංග්‍රිසි බස භාවිතා කරන හෙයින් එහි දිවි ගෙවීමද අධ්‍යාපනයද එහි යන සිසුනට වඩාත් පහසුය.

 

අධ්‍යාපනයට පමණක් නොව සංචාරයකට යෑමේදී පවා සාමාන්‍යයෙන් රටක් සාමකාමීද එහි තත්වය කෙබඳුද යන්න සලකා බැලේ. ඉන්දියාව වැනි රටක අධ්‍යාපනය මිලෙන් අඩු වුවත් තත්වය සහ එහි ජීවත් වීම යනු එක්තරා ගැටලුවකි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලංකාවෙන් ගිය උගත් ජනයාගෙන් සපිරි ජාතිවාදී ආගම්වාදි කැරලි කල කෝලහාල අඩු දැඩිමතධාරි වටපිටාවන් නැති දියුණු රටකි.  පසුගිය කලෙක ලංකා සරසවියක අධ්‍යයනයට පැමිණි  භූතාන සිසුන්ට අපේ ලංකා විශ්ව විද්‍යාලයේ තිබූ වෛද්‍ය සිසුනගේ අඛණ්ඩ පන්ති වර්ජනය නිසා ඇතිව තිබූයේ මහත් ගැටළුවකි. එනම් ඔවුන්ට සිය රටින් දෙමාපියන් රජය වියදම් කළ ද මෙහි මාස ගණනාවක් අධ්‍යයනය කටයුතු සිදු වූයේ නැත. ඔස්ට්‍රේලියා නවසිලන්ත විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන විට එවැනි කරදර වලට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා ඉතාම අල්පය.

 

අප අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්‍ර වල තිබෙන නවීන මෙවලම් සහ ක්‍රමවේද පොත පතින් පමණක් දැකගන්නට ලැබිම ලංකාවේ අධ්‍යාපනය ලබන විට මුහුණ දෙන ගැටලුවකි. තාක්ෂණික අංශ වල මෙම තත්වය දැඩිවම තිබේ. ඔස්ත්‍රේලියාව නවසීලන්තය ආදි රටවල් සංවර්ධිත රටවල් වන බැවින් අධ්‍යාපනය ලබන බොහෝ දේ ඔවුන්ගේ රැකියා වටපිටාවන් හිඳීම හමු වේ.

අධ්‍යාපනය අතර තුර අත්දැකිම් ගැනීමට සේවා ස්ථානයක් සෙවීම රැකියාවක් සොයාගැනීම වැනි කාර්යයෝද වඩාත් සාර්ථක ලෙස ඔස්ත්‍රේලියාව වැනි රටවල වෙහෙස මහන්සි වී අධ්‍යාපනය ලදොත් වඩාත් ලෙහෙසිය, පහසුය.

 

රෝහලක් ගතහොත් ලංකාවේදි අප හඳුනන්නේ වෘත්තිය ක්ෂේත්‍ර කිහිපයක් පමණි. එයින් දොස්තරවරු සහ හෙදියෝ ප්‍රමුඛස්ථානයක් ගනී. එහෙත් ජාත්‍යන්තර ඉහල මට්ටමේ රෝහල් වලදී ඒ ඒ විවිධ කාර්යයන් සදහා සැදී පැහැදී විශාල පරාසයක සේවක පිරිසක් සිටී. ඇතැම් විට ඒ වෛද්‍ය කාර්යමණ්ඩල කරන රාජකාරි ආදිය අනුව දොස්තර මහත්වරුන්ටද වඩා වැඩි ඉපැයීමක් ඔවුනට ලැබෙන අවස්ථා ලැබේ. එවැනි වූ සෑම ක්ෂේත්‍රයකම පැතිරුණු විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් තෝරාගැනිමේ හැකියාව සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයයකදී ලැබේ. ඒ අනුව තෝරාගැනිම් කිහිපයක් ඇති අපේ අධ්‍යාපනයට වඩා අලුත්ම විෂය ක්ෂේත්‍රෙයන් හැදෑරීමේ අවස්ථාව ඔසී නිව්සීලන්ඩ් විශ්ව විද්‍යාලවලදි සිසුනට ලැබේ.

 

පෙර දී මෙන් ඉගනගන්නට යන මුළු වියදමම ආවරණය කරගැනීමට මේ කාලයේදී ඔස්ත්‍රේලියා නවසීලන්ත වැනි දියුණු රවටලදී වුවද අමාරු කාර්යයක් බැව් එහි ගිය සිසුන් ගෙන් එන ආරංචි මාර්ග කියයි. එනම් අධ්‍යාපනයට යන වැයත් ජීවත්වීමට ලැබෙන වැයත් යන සියල්ලම පාට් ටයිම් ජොබ් වලින් සොයාගැනීම මෙකලදී අපහසුය. එහෙත් යම් කිසි මුදලක් වියදම පිණිස සොයාගැනීමේ හැකියාව පාට් ටයිම් ජොබ්ස් හරහා එරටදී ලැබේ. එය එක් එක් පලාත් අනුව වෙනස් විය හැකි මුත් බොහෝ තැන් හිදී එලෙස කෑම ගමන් වියදම් නවාතැන් වියදම් හෝ සොයාගත හැකි මට්ටමක් තිබේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here