ඕ ලෙවල් රිසාල්ට් වලින් පස්සේ ඒ ලෙවල් ජීවිතය – How to get ready to advanced level – Saru News Media

0
39

අත්දැකීම් මිනිස්සුන්ව ජීවත් කරනවා. පරිපූර්ණ කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. දැන් කවුරුත් හොයනවා ඇති උසස් පෙළට පිවිසෙන්නේ කොහොමද කියලා.  සාමාන්‍ය පෙළ ඉඳන් උසස් පෙලට එනවා කියන්නේ පඩි පෙළක එක පාර පඩි තුන හතරක් උඩට නගිනවා වගේ වැඩක්. ඒ අත්දැකීම නිසියාකාරයෙන් ගත්තොත් ඔබට හරියන එක අනිවාර්යයෙන්ම වේවි. ඒ හන්ද ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත ඔබේ අනාගත ගමන නිවැරදි ලෙස තීරණය කිරීම ඔබේ මුළු ජිවිතයටම වැදගත් වේවි.  

 

“සාමාන්‍ය පෙළ ඉඳන් උසස් පෙළට එනවා කියන්නේ පඩි පෙළක එක පාර පඩි තුන හතරක් උඩට නගිනවා වගේ වැඩක්”

මුල් ඡේදේ මේ වාක්‍යය ඔබේ ඇස ගැටුණද..? සාමාන්‍යයෙන් පඩි පෙළක පඩි නගින්න තියෙන්නේ එකින් එක. අපි එක වසරේ ඉඳන් 11 වසර වෙනකන් එකින් එක පඩිපෙළේ පඩි නැගගෙන එනවා. ඒත් 11 වසරේ සාමාන්‍ය පෙළ ලියන ඔබට උසස් පෙළ ජීවිතේට නිවැරදිව පියමනින්නනම් එක සැරේට පඩි තුනක් හතරක් නගින්නම වෙනවා. ඇත්තටම ලංකාවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අතරේ තරමක ලොකු වෙනස් කමක් තියෙනවා. විද්‍යා විෂය ධාරාවන් තුලනම් ඒ වෙනස ඉතා විශාල ලෙස දැනෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ ලියපු කෙනෙක් උසස් පෙලට පියමනිද්දී මේ වෙනස වටහාගෙන සිටීම අනිවාර්යයි. නැත්නම් ඔහුට වැටෙන්න සිද්ධ වෙනවා. අන්තිම මාස තුනේ පාඩම් කරලා සාමාන්‍ය පෙළ ගොඩ දැම්ම වගේ උසස් පෙළ ගොඩ දාන්න කොහෙත්ම බෑ.

 

මේක ඔබේ කැමැත්ත මත කරන්න. විෂයන් විශාල සංඛ්‍යාවක්, විෂය ධාරාවන් කිහිපයක් යටතේ වෙන් කරලා තියෙන්නේ ඔබ කැමති  ඔබ හැකියි කියලා හිතන විෂයන් උසස් පෙළ සඳහා තෝරාගන්න ඔබට අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඇයි ඒ අවස්ථාව මග හරින්නේ. යාළුවා කරනවා කියලා, පවුලේ අය බල කරනවා කියලා, තව කාට හෝ පේන්න කියලා විෂයන්, විෂය ධාරාවන් තෝරාගන්න එපා. ඔබ කැමති ඔබට කරන්න පුළුවන් වැඩිපුරම ශක්‍යතාවයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරන විෂය ධාරාව තෝරාගන්න. ඒ තීරණය ගන්න ඔබට අමාරු වෙන්න පුළුවන්. ඒත් අමාරුවෙන් හෝ ඒ තීරණය නිවැරදිව ගත්තොත් ඔබේ අනාගතයට ඒ තීරණය යහපත් ලෙස බලපාන බවනම් විශ්වාසයි.

 

උසස් පෙළ කියන්නේ උසස් පෙළ. ඒක උසස් කියන්නේ ඔබට ඒක ලබා ගන්නනම් මහන්සි වෙන්න වෙන හන්ද කියලා සරලවම කියන්න පුළුවන්. උසස් පෙළ ජීවිතය කියන්නේ ඔබේ කාලයෙන් බොහෝ වෙලාවක් උසස් පෙළ වෙනුවෙන් කැප කරන කාල සීමාවක්. ඒක අසීරු වන්නට පුළුවන්. ඒත් ඒක රසවත් කරගන්න එක වගකීමක්. ගොඩක් අයගේ අදහසට අනුවනම් මුල් කාලයේ උසස් පෙලට හුරුවුනොත් ඒකට ආදරය කරන්න ඔබ පෙළඹෙනවා. ඒක නිරායාසයෙන්ම ඔබේ ජිවිතයේ කොටසක් බවට පත්වෙනවා. ඉතින් මුල් කාලේ උසස් පෙලට හුරු වුණාම ඒ ජීවිතය නඩත්තු කරගෙන යන එක තමයි ඔබේ ඊළඟ වගකීම බවට පත්වෙන්නේ.

උසස් පෙළ කරනවා කියලා පොතේම ඇලිලා ගැලීල පුස්තක භක්ෂකයෙන් වෙන්නත් එපා. විභාගේ පාස් වුනත් ෆේල් උනත් ඔබට සමාජය කියන මහා සංස්කෘතියෙන් මිදිලා තනියම ජීවිතය ගෙනියන්න නම් අමාරුවෙයි.

 

සාමාන්‍ය පෙළ කියන්නේ සාමාන්‍යයෙන් ඔබේ දැනුම මැන බලන විභාගයක්. මතක ශක්තිය, තර්කන ශක්තිය, රසවින්දනය වගේ නිර්ණායක කිහිපයක් මූලික කරගෙන ඔබේ ඒ ඒ කරුණු කෙරෙහි ඔබේ තියෙන දක්ෂතාවය මැන බලන විභාගයක්. ඉතින් ඔබ සාමාන්‍ය පෙළ අසමත් කියන්නේ ඔබට කිසි දෙයක් බැහැ කියන එක නෙමෙයි. සාමාන්‍ය පෙළ අසමත්නම් ඔබ කරන්න ඕන මුලික දේ තමයි නැවත වතාවක් සාමාන්‍ය පෙළ කරන එක. හැම විෂයක්ම නැතත් ගණිතය, ඉංග්‍රීසි වගේ විෂයන් ඔබේ අනාගතයට ගොඩක් වටීවි. ඒ වගේම ඊළඟ පියවර විදිහට සුදුසු පාඨමාලාවක් වගේ කරන්න ගත්තොත් හොඳයි. විශේෂයෙන්ම තරුණ සේනාංක යොවුන් සේනාංක තාක්ෂණික විද්‍යාල වගේ සංකල්ප එක්ක ඔබට සුදුසු පැත්තෙන් වෘත්තිමය ගමනක් යන්න රජය ඔබට පහසුකම් සපයලා තියෙනවා. ඉතින් අනාගතය හදාගන්න උත්සාහය පමා කරගන්න එපා.

ඔබේ ජීවිතය සුන්දර කරගන්න ඔබ ගන්න තීරණය නිවැරදිව ගන්න කියලා නැවතත් මතක් කරනවා.

 
Cover Image Source – parenting.lk / sinhala.srilankamirror.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here