කසළ තේ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එස් ටී එෆ් අත්අඩංගුවට

0
11

කසළ තේ ගබඩා දෙකක් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ ගම්පොල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් වසම්වල සිදුකල වැටලීම් දෙකකදීයි.

එම ගබඩා දෙකෙහි තිබී කසල තේ කිලෝග්‍රෑම්  27,367ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ උලපනේ, ලීමගහකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් ස්ථාන වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here