ඇල්ල – කරදගොල්ලේ නාය යෑමක් සක්‍රීය වෙයි (ඡායාරූප) | Saru News Media

0
15

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නාය යෑමක් සක්‍රීය වී තිබෙනවා.

නාය යාමට ලක් වූ භූමිය අක්කර 02ක පමණ භූමි භාගයක් වන අතර, මෙහි බලපෑම අක්කර තිහක පමණ වපසරියකට විහිදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නාය යෑම තවදුරටත් පැවතිය හොත් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ද බලපෑම් ඇතිවිය හැකි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඔවුන් පවසන්නේ මීට වසර කීපයකට පෙර මෙම ප්‍රදේශයේ ඉරිතැලීම් ඇති වූ බවත්, ඒ හේතුවෙන් වරින් වර මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කළ බවයි.

උමා ඔය ජලාශයේ උමඟට ජලය පිරීමත් සමඟ මෙම ප්‍රදේශයට ගලාගෙන එන ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ප්‍රදේශවසින් පවසනවා.

මේ වන විට නිවාස 08ක ජනතාව එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, නාය යන භූමිය තුළ රොම්මඩ ගලාගෙන යන අයුරු ද දක්නට තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here