දෙවැනි ලෝක යුද්ධ සම​යේ දහස් ගණනක් මිනිස් ජීවිත බේරූ වීර චරි​ත 7ක් – Saru News Media

0
7

තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තවත් කෙනෙක්ගේ ජීවිත බේරන්න පුළුවන් බෝධිසත්වයෙකුට විතරයි. අපි අද කතා කරන්න යන්නේ මිනිස්සු වෙනුවෙන්, විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධ සමයේදී මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගැන නොසිතා සුවිශාල කැපවීමක් කරපු මිනිස්සු කීපදෙනෙක් ගැන.

 

පෝලන්තය ආක්‍රමණය කරන ලද ජර්මානුවන් විසින් එරට අගනුවර වන වෝර්සෝවේ වාසය කළ සියලුම යුදෙව්වන්​ව කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි අන්දමේ කුඩා ප්‍රදේශයකට සීමා කළා. මෙම ප්‍රදේශයට හෙදියකගේ හැඳුනුම්පත භාවිතා කරමින් ඇතුළු වුණු අයිරිනා, යුදෙව් දරුවන් රාශියක් හොර රහසේ එම ප්‍රදේශයෙන් බැහැරට ගෙන යෑමට සමත් වුණා. නාසීන් විසින් ඇයව ඔත්තුකාරියක ලෙස හඳුනාගත් අතර ඇයට මරණ දඬුවම නියම කරනු ලැබුවා. නමුත් ඇගේ මරණ දණ්ඩ​න දිනයේ දී වෙඩික්කරුවන්ට අල්ලස් දී ඇය මුදවා ගැනීමට ඇගේ මිතුරන් සමත් වුණා.

 

යුදෙව්වන් අතර ඔහු ප්‍රසිද්ධව සිටියේ කවුන්ට් ඔෆ් අවුස්ෂ්විට්ස් (Count of Auschwitz ) ලෙසයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඔහුව යුද සිරකරුවෙකු ලෙස නාසින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව එම කඳවුරෙන් පලා යාමට සමත් වූ ඔහු ජර්මානුවන් අතර ජර්මානු සොල්දාදුවෙකු ලෙස රහසේ රැඳී සිටිමින් ඔත්තු බැලීමට කටයුතු කළා. අවුස්ෂ්විට්ස් සිර කඳවුර වෙත ගිය ඔහු එම කඳවුරට පැමිණි වෛද්‍යවරයෙකුගේ සහාය ලබාගෙන යුදෙව් සිරකරුවන්ට මරණයට පත්වූ ලෙසට රඟපාන ලෙස උපදෙස් දී ඔවුන් වෙනුවට මළ සිරුරු තැබීමට කටයුතු කළා. මෙම ක්‍රියාවලිය හරහා යුදෙව්වන් දහස් ගණනකට අභය දානය ලැබුණා 

 

උපතින් ජර්මානුවෙක් මෙන්ම නාසි ජර්මනියේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියකු වූ ෆර්ඩිනන්ඩ් තුළ යුදෙව් විරෝධයක් තිබුණේ නැහැ. නාසි ජර්මනිය විසින් ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමට නියමිත බව දැනගත් ඔහු ඩෙන්මාර්ක බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන් අතර ස්වීඩන රජය සමඟ සාකච්ඡා කොට ඩෙන්මාර්ක යුදෙව්වන් ස්වීඩනයේ සරණාගතයන් ලෙස යැවීමට කටයුතු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙන්මාකයේ විසූ යුදෙව් ජනගහ​ණයෙන් සියයට අනූ නමයකටම ජීවිත ගලවා ගැනීමට අවස්ථාව ලැබුණා.

 

ජර්මානු හමුදා ඉදිරියේ ප්‍රංශය පරාජය වීමත් සමඟ යුදෙව්වන් දහස් ගණනාවක් ආරක්ෂාව පතා දකුණු ප්‍රංශය වෙත පලා ආවා. ඒ අවස්ථාවේ දී ප්‍රංශයේ පෘතුගාල කන්සියුලර් තනතුර දරමින් සිටි සූසා මෙන්ඩෙස් තම ධුරයේ බලය පාවිච්චි කරමින් යුදෙව්වන් දහස් ගණනකට වීසා ලබා දීම සිදුකළා. ඒ වන විට පෘතුගාල රජය නිල වශයෙන් යුදෙව්වන්ට වීසා ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඒ අණ නොතකමින් යුදෙව්වන්ගේ ජීවිත බේරා ගැනීමට මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා කටයුතු කර තිබුණා. පසුව මේ නිසාම ඔහුට සේවා තහනමක්ද පැනවුණා 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here