Google search engine
Home ගොසිප් පුවත් පිටිපන සරසවි කම්කරුවා මැරුවේ මාසේ පඩිය සොරාගන්නද?

පිටිපන සරසවි කම්කරුවා මැරුවේ මාසේ පඩිය සොරාගන්නද?

0
26

pitipana-incident

හෝමාගම පිටිපන හරිත සරසවි භූමියේ ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලක සේවය සඳහා පැමිණ සිටි කම්කරුවකු එම පරිශ්‍රයේදීම අභිරහස් ලෙස මියගොස් සිටියදී 22 දා සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ, නිකපොත, වැල්ලවාය පාර, කැල්බන් ජනපදයේ පදිංචි රත්නායක ලියනගේ සමන් කුමාර

නමැති 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්පළාතට ගොස් යළි සේවය සඳහා 21 වැනිදා සවස මොහු පැමිණ ඇති අතර එදිම රාත්‍රියේදීම මෙම අනතුරට ලක්ව ඇති බව පැවසේ.

එදිනම සෙසු සේවකයන්ද සේවයට පැමිණ තිබූ අතර ඔවුන් හා මෙම පුද්ගලයා මදුවිත පානය කර රාත්‍රී දොළහ පමණ වන තෙක් රැඳී සිට අන් අය නින්දට ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා සැකකටයුතු ලෙස මෙසේ මරණයට පත්වූ ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පසුදා උදෑසන අවදි වූ සේවකයකු වාඩිය ඉදිරිපිටට පැමිණීමේදී ඒ අසල මන්නයක්ද අතැතිව මෙම පුද්ගලයා බිම වැටී සිටිනු දැක තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එහි ආරක්ෂක අංශය දැනුවත් කර 119 හදිසි ඇමතුම් අංකය හරහා කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණ.

මියගිය පුද්ගලයාගේ නමට බැංකු ගිණුමක් නොමැතිවීම හේතුවෙන් අලුත් අවුරුද්දට පෙර ලැබීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂයක පමණ වැටුප ඔහුගේ අතට ලබාදී තිබියදී එම මුදල කිසියම් අයකු සොරාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් 21 වැනිදා රාත්‍රියේ මදුවිත පානය කළ අවස්ථාවේදී බහින් බස්වීමක් සිදු වී ඇතැයිද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බව පොලිසිය කියයි. මේ හේතුවෙන් කිසියම් අපරාධයක් සිදු වූවාද නැතහොත් ස්වභාවිකව මරණයක් සිදුවූවාද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here