ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර යටතේ ප්‍රාන්ත 13ක ඡන්ද විමසීම ක්‍රියාත්මකයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
16

ලොව විශාලතම ප්‍රාජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද ආරම්භ වුණා.

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර යටතේ කේරල /රාජස්ථාන් හා උත්‍ර ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 13කට අයත් මැතිවරණ කොට්ඨාස 88ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙනවා.

කේරල ප්‍රාන්තයේ ආසන විස්සකට / කර්ණාටක ආසන 14කට / රාජස්ථාන ආසන 13කට / උත්‍ර ප්‍ර දේශ් හා මහාරාශ්ඨ්‍ර ආසන 8 බැගින් ද මධ්‍ය ප්‍රදේශ් ආසන 7කට/ ඇසෑම් හා බිහාර් ආසන 5 බැගින් ද බෙන්ගල් හා චටෙස්ගා ආසන තුන බැගින්  ද / ජම්මු කාෂ්මීර්/ මනිපූර් හා ත්‍රිපූර් එක් ආසනය බැගින් ද මන්ත්‍රිවරු තෝරා ගැනීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 19 වනදා ආරම්භ වූ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය භාරතීය ජනතා පක්ෂයට මෙන්ම කොංග්‍රස් පක්ෂයට ඉතා වැදගත් කඩඉමක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මැතිවරණයේ තුන්වන අදියර මැයි හත්වන දින ආරම්භ වන අතර අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ජුනි 4 වනදායි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here