බියුටි ප්‍රඩක්ට්ස් වලටයි, හෙයාර් ප්‍රඩක්ට්ස් වලටයි එරෙහිව තියෙන මිත්‍යා විශ්වාස කීපයක්! – Saru News Media

0
11

දැන් ඔය හෙයාර් ඇන්ඩ් බියුටි ප්‍රඩක්ට්ස්, ඒ කියන්නේ කොණ්ඩේ ලස්සන කරගන්න, රූ සපුව වඩවා ගන්න එහෙම තියෙන විවිධ නිෂ්පාදන ගැන සමහරුන්ගේ හිත් වල තියෙනවා මහා අනියත බයක්. උදාහරණයක් විදියට කිවුවොත්, අපි දැකලා තියෙනවා සමහරු මළාට ෂවර් ජෙල්, බොඩි වොෂ් එහෙම පාවිච්චි කරන්නෙ නෑ. ඒවා සමට හොඳ නෑ කියලා. හැබැයි ඊට වඩා සමට බොහෝම රළු සබන් වර්ග කිසි ගාණක් නැතුව පාවිච්චි කරනවා. ඇත්තටම මේ විදියේ මිත්‍යා විශ්වාස, වැරදි වැටහීම් හැදිලා තියෙන්නේ සමහරුන්ගේ කටකතා වලින්, සමහරුන් නොදැන කියන එව්වා වලින් තමයි. හැබැයි මේ සමහර වැරදි වැටහීම් සාමාන්‍ය මිනිස්සු බහුතරයකගේ හිත් වල මුල්බැහැගෙන තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා, මේ විදියේ වැරදි වැටහීම් කීපයක ඇත්ත පහදලා දෙන්න.

 

මේකත් බොහොම ජනප්‍රිය මිත්‍යාවක් කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. ඒ කියන්නේ ඔය සම රැකගන්න ප්‍රඩක්ට් එකක් හර්බල් කියලා තිබුණොත් කිසිම අවුලක් නෑ කියලා ගන්න අය ගැන තමයි මේ කියන්නේ. එක්ස්පර්ට්ලා කියන විදියට, පොදුවේ සම රැක ගන්න තියෙන නිෂ්පාදන ගන්නකොට කාබනික, හර්බල් ඒවාම ගන්න එක අවුලක් නෑ. හැබැයි ඉති කෘත්‍රිම එව්වා වල වගේම හර්බල් එව්වා වලත්, හමට අහිතකර වෙන්න සම්භාවිතාවක් තියෙනවා කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. මේ අය කොටින්ම කියන්නේ ඕනම සම රැගකන්න තියෙන නිෂ්පාදනයක පොදුවේ වැඩි දෙනෙක්ගේ හමට හරියන අමුද්‍රව්‍යයක් තවත් කෙනෙක්ගේ හම එක්ක රළුවට ක්‍රියා කරන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා හර්බල්ද, සින්තටික්ද කියන එක නැතුව, තමන්ගේ හමේ විදියට හරියන ප්‍රඩක්ට් එකක්ද, ප්‍රඩක්ට් එකේ අඩංගු සංඝටක මොනවද කියලා බලන එකට මුල් තැන දෙන්න කියලා තමයි කියන්නේ.

 

මේක එක්තරා විදියකට මිත්‍යාවක් සහ එක්තරා විදියකට ඇත්ත කතන්දරයක්. මෙහෙමයි. ඕනම දෙයක් පාවිච්චි කරන විදියක් තියෙනවනේ. එතකොට හරි විදියට හෙයාර් ඩ්‍රයර් එකක් පාවිච්චි නොකළොත්, ඒ විදියට කරන දීර්ඝ කාලීන පාවිච්චියෙන් කොණ්ඩෙට හානි වෙන්න පුළුවන්. හැබැයි හරි විදියට බ්ලෝ ඩ්‍රයර් එකක් පාවිච්චි කරන එකෙන් – ඒ කියන්නේ නියමිත විදියට, නියමිත උෂ්ණත්වය තියාගෙන, නියමිත දුරෙන් තියාගෙන පාවිච්චි කළොත්- බ්ලෝ ඩ්‍රයර් එකකින් කොණ්ඩේට හානි වෙනවා, කොණ්ඩේ යනවා කියන එක මිත්‍යාවක් වෙනවා.

 

එක්ස්පර්ට්ලා කියන විදියට නාලා ආපු ගමන් බ්ලෝ ඩ්‍රයර් එක කොණ්ඩෙට අල්ලලා හරියන්නෙ නෑ. මුලින් තෙත කොණ්ඩේ 70-80% විතර ස්වභාවික විදියට වේලගන්න ඕන. හැබැයි ඊට පස්සේ වුනත් කොණ්ඩේ ​තෙත ගතිය තියෙනවනේ. ආන්න ඒ ටික හොඳින් වියලාගන්න තමයි ඩ්‍රයර් එක ඕන කරන්නේ. හැබැයි එකක්: ඒකේ උෂ්ණත්වය අඩුම, අන්තිම සීතල සෙටින්ග් එකේ තමයි තියන්න කියන්නේ. එතකොට අඩු ගාණේ කොණ්ඩෙට අඟල් හයක් වත් ඈතින් තමයි ඩ්‍රයර් එක අල්ලන්න කියන්නේ. ආන්න එතකොට කොණ්ඩෙට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ!

 

මේක ගොඩක් ඔය පරණ පරම්පරාවේ සමහරු අතරේ තියෙන වැරදි මතයක්. ඒ අය කියන්නේ ඔළුව හෝදන්න සබන් පාවිච්චි කරන්න, සතියකට සැරයක් වගේ කොණ්ඩේ ෂැම්පු කරන්න කියලා තමයි. මේක හරියටම හරි කාරණාවක් නෙවෙයි. හැබැයි ෂැම්පෝ කියන්නේ ඕනෑවට වඩා පාවිච්චි කරන්න  හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද, දිනපතාම වගේ ෂැම්පෝ වලින් කොණ්ඩේ හෝදනකොට ඕනෑවට වඩා වියලුණු, ඒ නිසාම හානි වුණු කොණ්ඩයක් ලැබෙන්න පුළුවන්. මොකද, කොණ්ඩේ තියෙන තෙල් ගතිය සාමාන්‍යයෙන් අවශ්‍ය දෙයක්. හැබැයි ඉතින් ඒකට විසඳුම දිනපතා සබන් ගා​න එක නෙවෙයි කියලා තමයි ඔය ගැන එක්ස්පර්ට්ලා කියන්නේ.

 

ඇත්තටම මේක නම් සමහර හෙයාර් කෙයාර් ප්‍රඩක්ට්ස් වල තියෙන මාකටින් ට්‍රික් එකක්. මේ ප්‍රඩක්ට්ස් වල කියනවා, පැළුණු කොණ්ඩය නිරෝගීමත් කරලා, සුවපත් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අර අග්ගිස්සෙන් පැළුණු කොණ්ඩය ඇත්තටම සුවපත් කරන්න, නැතිනම් අලවන්න මේ ප්‍රොඩක්ට්ස් වලට පුළුවන්ද? එක්ස්පර්ට්ලා කියන්නේ පිස්සුද හලෝ කියලා. ඔය පැළුණු හිසකෙස් නීරෝගීමත් කරනවා කියලා කියන්නේ පැළුණු කොණ්ඩේ ආයෙමත් හා කරනවා කියන එක නෙවෙයි. කොණ්ඩය පැලෙන්නේ යම් කිසි හිසකෙස් වල ගැටළුවක්, සෞඛ්‍ය සම්පන්න නොමැති වීමක් නිසානේ. ආන්න ඒ ගැටළුව නැති කරලා කෙස් කළඹ නීරෝගී කරනවා කියලා තමයි මේ කියන්නේ!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here