රබීන්ද්‍රනාත් තාගෝර්තුමා කවියෙක්. සාහිත්‍යධරයෙක්. චිත්‍ර ශිල්පියෙක්. අධ්‍යාපනඥයෙක්. දේශපාලනඥයෙක්. දාර්ශනිකයෙක්. ඒ විතරක් නෙමෙයි සුප්‍රක්‍රට සංගීතඥයෙක්. ඒ වගේම ලෝකයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයන් අසමසම කවියන් අතර ශ්‍රේඨතම කවියා ද මෙතුමා. ඉතින් ඉන්දියාව වැනි රටක කුඩා කාලයේදීම අම්මා නැති වුනු ළමයෙක් ලෝකයේ මේ තරම් දුරට ආදරයට හා ගෞරවයට ලක් වේ යැයි ඔබ සිතුවාද? ඔහු ගැනයි Lifie අද කතා කරන්න යන්නේ.
තාගෝර් පවුලේ බඩ පිස්ස තමයි ඔහු. 1861 මැයි මස 7 වැනිදා ඉන්දියාවේ කල්කටා නගරයේ පොරසාන්ක්‌වේ ප්‍රදේශයේ දී ඉපදුනේ. ඔහුගේ දෙමව්පියන් වූයේ දේවේද්‍රනාත් තාගෝර් සහ ශර්දා දේවි. 1883 දී තාගෝර් මරිනාලිනි දේවි එක්ක විවාහ වුනා. දරුවන් හයදෙනෙක් හිටියා. ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර තුළ මිය ගියා.
නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද පළමු ආසියාතික සාහිත්‍ය කෘතිය ලියවුනේ මොහු අතින්. 1913 වර්ෂයේ දී නොබෙල් ත්‍යාගය හිමි වෙන්නෙ “ගීතාංජලී” ග්‍රන්ථයට. මේ කාලයේදීම තමයි ඔහු බෙංගාල මහා කවියා ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වුනේ. ඒ වගේම මොහු සාර්ථක නවකතා, කෙටි කතා හා නාට්‍ය කිහිපයක් නිර්මාණය කරා. බෙංගාලයේ ගීත නාට්‍ය ශෛලිය ව්‍යාප්ත කිරීමට මෙතුමා ඇපකැප වුනා. ඔහු කළ නාට්‍ය, සංගීත නාටක හා ප්‍රබන්ධ කතා අතර “තැපැල් කන්තෝරුව” “මානසී” “සාධනා” “චිත්‍රා” “අඩ සද” “ස්වර්ණමය බෙංගාලය ගද්‍ය පද්‍ය ප්‍රබන්ධ” “ගීතාංජලී” “ගෝරා නව කතාව” ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ගීත නාටක ගී දහසකට අධික ප්‍රමාණයක් මෙතුමා ලිව්වා. මෙතුමා මහා කවියෙකු වුනත් ළමයකුගේ මෙන් මොලොක් සිතක් ඔහු සතු වුනා. ‘තපූර් තූපූර් ශීඝ්‍ර’, ‘බිශ්නි පර්ගේ’, ‘සිශු බෝලනාත්’ වැනි කාව්‍ය නිර්මාණත් ‘ රාජර්ෂී’ නම් වූ ළමා කථාවත් ඔහු රචනා කර ඇත්තේ ළමා මනසට යම්කිසි වින්දනයක් ලබාදෙනු ළමුන් උදෙසාමයි. තවද තාගෝර් විසින් රචනා කරන ලද ‘කාබිලිවාලා’ නම් වූ ප්‍රසිද්ධ කෙටි කථා සංග්‍රහය මඟින් ද ප්‍රකට වන්නේ ළමා මනසේ ඇති නිර්මලත්වයයි.
1901 දී කුඩා නගරයක් වන සැන්ටිනිකේටන් හි පර්යේෂණාත්මක පාසලක් ආරම්භ කරා. මෙම අධ්‍යාපන මධ්‍යස්ථානය හැඳින්වූයේ ශාන්තිනිකේතනය නමින්. එහි අර්ථය “සාමයේ වාසස්ථානය” යන්නයි. මේ වෙනකොට එය විශ්ව භාරතී විශ්ව විද්‍යාලය යන නමින් හඳුන්වනවා. මෙය ආයතනය ආරම්භ කළා පමණක් නොව, ශිල්පීන් හා කලාකරුවන් සඳහා ග්‍රාමීය ආයතනයක් 1922 දී නිර්මාණය කලා. ඒ වගේම ලංකාවට දෙවරක් පැමිණියා. මෙතුමා අතින් තමයි 1934 හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට මුල් ගල තැබුවේ.
“තම රටේ අධ්‍යාපනය පාරම්පරික සංස්කෘතික ලක්ෂණ පදනම් කර ගනිමින් දේශීය සමාජීය ජීවිතයේ පසුබිමට ගැලපෙන පරිදි සකස් විය යුතුය.” යන මතයෙහි තමයි මෙතුමාගේ ආදර්ශය.
ඒ වගේම ස්වභාවධර්මය එක්ක නිරන්තරයෙන් සබැඳියාවක් පැවතිය යුතු යයි යන හැඟීම හැම වෙලාවෙම ඔහුගේ මතය වුනා.
ඒ විතරක් නෙමෙයි සාහිත්‍ය සහ සෞන්දර්යය යන කරුණු ඉවහල් කර ගනිමින් පුද්ගලයෙකු හැඩ ගැස්සවීම කල යුතුයැයි ඔහු තදින්ම ප්‍රකාශ කලා.
වසර අසූවක් ජීවති වුන මෙතුමා 1941 අගෝස්තු මස එතුමාගේ නිවසේදීම මිය ගියා.
නොබෙල් තෑග්ග ලැබීමත් එක්කම 1913 දීම සාහිත්‍යාචාර්යවරයෙකු ලෙස කල්කටා විශ්වවිද්‍යාලයේ ගෞරවයට පත් වුණු එතුමා සිරිමත් රබීන්ද්‍රනාත් තාගෝර් යන නමින් 1915 දී නයිට් පදවියකින් පුදනු ලැබුවා..
මෙතුමා ගැන ‘ශ්‍රී නේරු’ තුමා මෙහෙම කියල තියෙනවා. ජීවිතයේ විශිෂ්ට වූ ද උදාර වූ ද අංග කෙරෙහි අපගේ සිත් යොමු කරමින් පුද්ගලයනුත්, ජාතීනුත් වැටෙන වළවල්වල අපට වැටෙන්නට ඉඩ නොදී ඔහු අපට මඟ පෙන්වන ආලෝක ධාරාවක් වුනා.
Saru FM Media