මල්වානේ නිවස ගව ගාලක් හදන්න යෝජනාවක්..

0
16

බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පසුගිය කාලයේදී ආන්දෝලනයක් ඇති කල මල්වානේ පිහිටි නිවස ගවයන් රැකබලා ගැනීමේ මත්ස්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලබා දෙන්නැයි ඉල්ලීමක් ලැබී තිබේ.

ගව ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් සඳහා මෙය ලබා දෙන්නැයි අධිකරණ අමාත්‍යංශයට මෙවන් ඉල්ලීමක් ලැබී ඇතැයි එහි ප්‍රකාශකයකු කියා සිටියේය.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුවක් මගින් එම නිවස රාජ සන්තක කර තිබෙන නිසා මෙම දේපල පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව සොයා බැලීමට නීතිපති උපදෙස් ලබා ගැනීමට යොමු කර ඇත.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගොවිපළ රාජකාරී කටයුතු කළ පශු සම්පත් නිලධාරියකු විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ ගව ඝාතකාගාරවලින් වටිනාකම ගෙවා නිදහස් කර ගන්නා කිරි දෙනුන් හා වැසියන්ට ආහාර ඖෂධ ලබා දී රැක ගලා බලා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමටය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here