මේ සුඛෝපභෝගී රථ 7 අනාගත වාහන වෙළඳපොලේ විප්ලවය ද? – Are these 7 vehicles the future of automobiles – Saru News Media

0
7

රථගාය කියන්නේ කොච්චර වාහන ගත්තත්, කොච්චර වාහන දැක්කත් නිම නොවෙන ආසාවක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ ආකාරයේ මාදිලි සහ නවමු පහසුකම්වලින් යුක්තව අපූරු රථ වාහන වෙළඳපොළට නිකුත් වෙනවා. තෙල් ප්‍රශ්නය ලෝකය පුරාම මහත් ගැටළු සහගත බවක් මෙන්ම පරිසර හිතකාමීත්වය යටතේ අවාසිදායක බවක් ගෙන දීමත් සමග නිෂ්පාදකයන් විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ගැන වැඩි උනන්දුවක් දක්වනවා. මේ, නුදුරු අනාගතයේම පැමිණෙන්නට නියමිත විප්ලවීය රථ වාහන කිහිපයක්.

 

මේ වසර අග භාගයේදී එන්නට තියෙන Audi සමාගමේ ඉලෙක්ට්‍රොනික මෝටර් කාර් එකේ ඉදිරිපස ඇක්සලයට එක් මෝටරයකුත්, පසුපස ඇක්සලයට මෝටර් දෙකකුත් විධියට එන්ජින් තුනක් තියෙනවා. තත්පර 4.6කින් පැයට කි.මී. 100ක වේගයක් ලබා ගන්නා මේ කාර් එකේ ඉලෙක්ට්‍රොනික බලයෙන් ලබන උපරිම වේගය පැ.කි.මී. 210ක්. තනි, විශාල ලිතියම්-අයන බැටරිය කිලෝ වොට් පැය 95ක ජවයකින් යුතුව කාරය කි.මී. 500ක් ධාවනය කරන්නට බලය දෙනවා. ආරෝපණය කරන ස්ටේශන් වලදි කාර් එක ප්ලග් කරන තැන බොහොම පහසුවෙන් හිටින විධියට පාර්ක් කරගන්න සෙන්සර් වලින් සපෝට් එක දෙනවා වගේම වහළ උඩ තියෙන සෝලා පැනල් එක නිසා ලංකාව වගේ අව්ව තියෙන රටවල් වලට පංකාදුයි. කාර් එකේ ලයිට් සිස්ටම් එක තනිකරම OLED නිසා ලයිට් දාගෙන යද්දි වැඩි බැටරි බලයක් අවශ්‍ය වෙන්නෙත් නෑ, වැඩි එළියකුත් ලැබෙනවා.

 

 

හුන්ඩායි සමාගමෙන් තෙල් ප්‍රශ්නයට විසඳුමක් ලෙස සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස හයිඩ්‍රජන් කාර් එකක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දුම විධියට මේ කාර් එකෙන් එන්නේ ජල වාශ්පයි. ඩෑෂ්බෝඩ් එක සහ GPS ආදිය සඳහා අමතර ස්ක්‍රීන් එකක් ඇති මේ කාරයේ ඉදිරිපස සීට් දෙක මැදින් වෙන් කරන ලද කොටසේ තමයි ඒසී, රේඩියෝ ආදී නිතර දකින දේවල් අඩංගු කර තිබෙන්නේ. තත්පර 9.2කින් පැ.කි.මී. 100ක වේගයක් ගන්නා මෙහි උපරිම වේගය 180kmh පමණ වෙනවා.

 

https://www.youtube.com/watch?v=lRuWEhwxAc8

 

ලබන වසරේ පැමිණෙන්නට නියමිත Audi ස්පෝර්ට්බැක් කාර් එක නමේ හැටියටම ස්පෝට් පෙනුමක් තියෙන, පට්ට ලයිටිං සිස්ටම් එකකුත් තියෙන කාර් එකක්. 429ක හෝස්පවර් අගයක් තිබුණාට බූස්ට් වෙලා 496ක් ලබාගන්න පුළුවන්. පැය භාගයක චාර්ජ් එකකින් කි.මී. 400ක් පමණ දුරක් යන්නට හැකි වෙන්නේ මේකේ තියෙන Fast Charging හැකියාව නිසායි. ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණයෙන්ම වගේ OLED තිර යොදා හදලා තිබෙන නිසා මේක අපි ෆිල්ම්වල දැකපු අනාගත කාර් එකක් විධියමයි. මේකට පැ.කි.මී. 100ක වේගයක් තත්පර 4.5කින් ලබා ගන්න පුළුවන්.

 

https://www.youtube.com/watch?v=oa5F1cWLnRg

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here