රාත්තල් අසූවක් බර වෘෂණ කෝෂයක් දැරූ මිනිසා – Saru News Media

0
4

සමහර රෝගී තත්ත්වයන් ඉතා අසාමාන්‍ය ඒවා වන අතර මිනිස් ජීවිත සහමුලින් ම අවුල්සහගත කර දමන්නට ඒවාට හැකියාව තිබෙනවා. මේ කියන්නට යන රෝගී තත්ත්වය ද ඔබ මින් පෙර අසා නැති එකක් වන්නට ඇති.

මිචිගන්වල ජීවත් වූ Dan Maurer වයස අවුරුදු 20 දී ඔහුගේ වෘෂණ කෝෂය විශාල වන බව දුටුවා. බර අඩු කර ගැනීමට වෛද්‍යවරු ඔහුට උපදෙස් දුන් අතර ඔහු එයට උත්සාහ කළා. කෙසේ වෙතත්, ඔහුගේ වෘෂණ කෝෂය විශාල වීම නතර වූයේ නැහැ . එවැනි තත්වයක් සමඟ සම්බන්ධ වූ අපකීර්තිය ඔහුට රහසිගතව වෛද්‍ය විශේෂඥයින් හමුවීමට බල කෙරුණා.ඔහුගේ දෙමව්පියන් සිතුවේ ඔහුට කකුලක් වර්ධනය වී ඇති බවක්.

 රාත්තල් 80 ක් මගේ කකුල් අතර එල්ලී තිබුණා. මට ඇඳෙන් නැඟිටීමට, එදිනෙදා කටයුතු කිරීමට සෑම දිනකම විශාල අධිෂ්ඨානයක් අවශ්‍ය වුණා. මට අඩි 40 ක් පමණ ඇවිදීමට පෙර මට නැවතී විවේක ගැනීමට සිදු වුණා”

මේ අසාමාන්‍ය රෝගය ගැන ඔහු විස්තර කළේ ඒ ආකාරයටයි. Scrotal lymphedema නමින් ඒ රෝගය හැඳින්වෙනවා. ඔහු වසර විස්සක් මේ රෝගයෙන් පීඩා විඳීම අසන්නට පවා දුෂ්කර කතාවක්.

රාත්තල් 132 ක වෘෂණ කෝෂයක් ඇති වෙස්ලි වොරන් පිළිබඳ කේබල් වාර්තා චිත්‍රපටයක් නැරඹීමෙන් පසු ඔහු තනිවම නොවන බව මොරර්ට වැටහුණා. ඔහු කැලිෆෝනියා-අර්වින් විශ්ව විද්‍යාලයේ මුත්‍රා විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ වෛද්‍ය ජොයෙල් ජෙල්මන් සම්බන්ධ කර ගත් අතර, ඔහු මොරර්ගේ වෘෂණ කෝෂයේ රාත්තල් 80 ක ස්කන්ධය නොමිලේ ඉවත් කිරීමට ඉදිරිපත් වුණා.

පැය දහ අටක ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ පිටේ tailbone එකට ඉහළින් වේදනාකාරී තුවාලයක් ඇති වුණා. එහි නරකම දෙය නම්, ශල්‍යකර්මයෙන් පසු ඔහුට ඇවිදීමට නොහැකි වීමයි. පුනරුත්ථාපනය සඳහා ඔහුට සති 10ක් කැලිෆෝනියාවේ ඩොලර් 500,000ක වියදමින් ගත කිරීමට සිදු වුණා. 

“මම හිතුවා ශල්‍යකර්මයක් කරලා සතියකින් ගෙදර එනවා කියලා. 

ඒත් මගේ කකුල් වැඩ කළේ නෑ.” මොරර් පවසනවා.අවසානයේ ශල්‍යකර්මයෙන් පාදයේ ස්නායුවකට තුවාල සිදුවී ඇති බව විශ්වාස කරමින් වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර ආරම්භ කළා.

ඔහු සිටියේ අඳුරු මානසිකත්වයක. ඔහුගේ මානසික තත්ත්වය බිඳ වැටෙමින් තිබුණා.Maurer,USA Today වෙත පැවසුවේ ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන නමුත් සියදිවි නසාගැනීමක් නොවන බවට විශ්වාස බවක්. scrotal lymphedema ගැන දැනුවත් කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ඔහු පැවසුවා.

මේ සිදුවීම් වාර්තා වූයේ 2014 දී. මේ වනවිට මොරර් සම්පුර්ණ සුවය ලැබූවෙක්. ඕනෑම දරුණු අසනීපයක් සමඟ වසර ගණනාවක් හෝ සටන් කර ජයග්‍රහණය ලබන්නට හැකි බව ඔහු අපට පෙන්වා දෙනවා. ඒ වගේම මෙවැනි අවස්ථාවක අත නොහැර ළඟ සිටි බිරිඳ ගැනත් ඒ දිනවල මොරර් බොහොම ආදරයෙන් අදහස් දක්වා තිබුණා.

කිසිම රෝගයකට ඔබව මානසිකව විනාශ කරන්නට ඉඩ දෙන්න එපා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here