ලෝකයේ අමුතුම රූපලාවණ්‍ය සත්කාර – Saru News Media

0
16

රූපලාවණ්‍ය ගැන අපි නම් දැනගෙන හිටියේ උදේට ටීවී ෂෝවලට ඇවිල්ල අක්කලා ඇන්ටිලා කියන දෙයක් තමයි. හැබැයි පොඩ්ඩක් යටගියාව අවුස්සලා බැලුවම ඒ අක්කලා ඇන්ටිලා නොදන්නා අමුතු අමුතු දේවල් ලෝකේ අනික් අක්කලා ඇන්ටිලා කරලා තියෙන බව හොයාගන්න ලැබුණා. මූණේ අලිගැටපේර ගාන එක, මීකිරි ගාන එක පුල් අවුල් වගේ දැනුණා නම් ලෝකෙ වටෙන් ඇහෙන මේ කතන්දර ඇහුවම ඒවා මොනාද කියලා හිතේවි. ලස්සනට ඉන්න දාපු අමුතු දහංගැට ටිකක් තමයි මේ.

 

ඔව්. ඒවා තමයි. සර්ප විෂ සංඝටකයක් විදියට අරගෙන ක්‍රීම් නිෂ්පාදනය කරනවා දැන් ගොඩක් රටවල්. අපි ඉස්සර අහලා තියෙනවා නොවැ ක්ලියෝපැට්‍රා අධිරාජිනියත් සර්පයෙක් එක්ක හුරතල් වෙවී හිටියා කියලා. ඒ වගේම ඈ රූපශ්‍රීයෙන් අගතැන්පත් කියලත් අහලා තියෙනවා. ඉතින් ඇයත් මේවා භාවිතයට ගන්න ඇති කියලා හිතන්න පුළුවන්. කොහොම හරි මේ සර්ප විෂ නිසා හමේ රැළි වැටෙන ගතිය නැති වෙලා තරුණ පෙනුමක් ලබා දෙනවා. මේවා ආලේපයෙන් පේශි ගල්වෙනවා. සාමාන්‍ය සර්ප දෂ්ටනයකින් පේශි ගල්වෙන්නේ අංශභාගේ හැදෙන්න. හැබැයි මෙතනදී කතාව ටිකක් වෙනස්.

 

කූඹින්ට කියලා ඇඟපත කව්වගන්න හෙම යන්න එපා. මැරුණු කූඹින් යොදාගෙන හදන බොඩිවොෂ් ගැනයි මේ කියන්නේ. තෙල් සහිත සමක් තියන බොහෝ දෙනා කූඹි බොඩිවොෂ් එකෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියනවා. කූඹින්ගේ ඇඟේ තියෙනවා ඇසිඩ් එකක්. ඕක අපේ හමත් එක්ක සෙට් වුණාම තෙල් ගතිය අඩුවෙන එකට අමතරව අමුතු ශක්තියක් ලබා දෙනවා. ඇඟේ පරිවෘත්තිය ක්‍රියාවත් හොඳින් සිද්ධ කරනවා.

 

අප්‍රසන්නයි. ඒත් බොහෝ රටවල ශක්තිමත්, නිරෝගී, දිගු වගේම දිලිසෙන කොණ්ඩයක් ලබාගන්න මේවා පාවිච්චි කරනවා. ගඳක් නම් නැහැ කියලා කිව්වට මොන හිරිකිත වැඩක් ද අප්පා. ඒ සඳහා එක එක නිර්දේශිත ඔයිල් වර්ග භාවිත කරනවා. ඒ කියන්නේ ශුක්‍රාණු තලිය ඔලුවට දැම්මට පස්සේ භාවිත කරන්න. අපේ රටේ ඒ තරම් සුලබ නොවුණත් මේ සඳහා ගොඩක්ම නිර්දේශ කරලා තියෙන්නේ ආර්ගන් ඔයිල්.

 

ඔව්, ඒක. ඒක භාවිත කරලා හදන පානයක් ජපානය පැත්තෙන් ආරංචි වෙනවා. බොන්නයි තියෙන්නේ. රෙඩ්බුල් බොනවා වගේ හැඟීමක් දැනෙනවා ඇති. මේ වැදෑමහ ගැන කතා කරෝතින්  ප්‍රෝටීන සෑහෙන තියනවා. ඇත්තටම කුසක ඉන්න පොඩි එකෙක් තනිකර පෝෂණය වෙන්නේ ඔතනින්නේ. ජපන් ජාතිකයන් විශ්වාස කරන විදියට තරුණකම රැකදෙන්න සහ ශක්තිය පවත්වා ගැනීම සඳහා මේ පානය හේතු වෙනවා.

 

ජපානේ මහා අමුතු රටක්. ඒ හින්දයි ඌරංගේ ඉඳලා කුරුල්ලන්ගේ වසුරු ගාවට ඇවිල්ලා තියෙන්නේ. මේවා ගෙවල්වල අපිට හදාගන්න ඇත්තටම අමාරුයි. මොකද කියනවා නම් වසුරු මොනා හරි රසායන ක්‍රියාවලියකට ලක් කරලා තමයි ෆේෂල් පැක් එකක් විදියට එළියට එන්නේ. අතීතයේ ජපානයේ හිටපු ගෙයිෂා ස්ත්‍රීන් නිතර භාවිත කරලා තියෙනවා. මේ ෆේෂල් එකකින් ඇත්තටම පුදුම හිතෙන ආකාරයේ ප්‍රතිඵල දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. හම සුමුදු කිරීම, රැළි වැටීම අඩු කිරීම වගේම තරුණ පෙනුමක් ලබා දීම සඳහා අදටත් සාර්ථක සත්කාරයක් විදියට ලෝකය පුරා ප්‍රසිද්ධයි.

 

මීකිරි ටිකක් ගාගෙන සැපේ ඉන්න අපි හොඳයි කියලා හිතෙනවා මේවා අහනකොට. ගොළුබෙලි ශ්‍රාවය යොදාගෙන හදන ආලේපන භාවිතා කිරීමෙන් හමේ රැළි වැටීම, හිරු එළිය නිසා හමට වෙන අකටයුතුකම්, වයසට යාමත් එක්ක හමට වෙන අලකලංචි ඔක්කොම නිරාකරණය කරනවා. ඇත්තටම මේ දේවල් සායනිකව තහවුරු කරලා තියෙන නිසා බයවෙන්න දෙයක් නැහැ. පොඩි අප්පිරියාවක් විතරයි. මේ ශ්‍රාවයේ දැඩි වශයෙන් ප්‍රතිඔක්සිකාරක අඩංගුයි.

 

කූඩැල්ලන්ට පොඩි ලේ දන්දීමේ වැඩක් සම්පාදනය කරලා ලස්සන වෙන්නයි මේ හදන්නේ. හැබැයි ගංගොඩේ ඇවිදිද්දී අපේ ඇඟේ එල්ලෙන උන්දලාගෙන් නෙවෙයි. ඒ සඳහාම ඉන්නවා එක කූඩැල්ලො විශේෂයක්. මෙතනදී මූණේ හැමතැනම කූඩැල්ලෝ ලේ උරා බොන්න කියලා තියල තියනවා. ටික වෙලාවකින් මුළු මූණම ලේ විලක් වෙනවා. මේ ක්‍රියාදාමයෙන් හම දැඩි කරන්න උදව් වෙනවා. වෛද්‍ය විද්‍යාත්මකවත් බෙහෙත් කූඩැල්ලන් රෝග බොහොමයක් හොඳ කරන්න උදව් කරනවා. හමේ රෝග මේ අතරින් විශේෂයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here