කෙට්ටු කොල්ලන්ට ඇඟ හදාගන්න සරල උපදෙස් 7 ක් – Saru News Media

0
5

මිනිස්සු වුනහම අපිට ලෝක ප්‍රශ්න තොගයක්නෙ තියෙන්නේ. ඔය මිනිස්සු කියන මහා කුලකයෙන් කොල්ලෝ කියන උප කුලකය වෙන් කරලා ගත්තත් එහෙමයි. එකෙක්ට ඇඟ මහතයි කියලා හිත් අමාරුකම් තියෙනකොට අනිකාට තියෙන්නේ තමන් කෙට්ටුයි කියන හිත් වේදනාව. නරකම දේ තමයි ලංකාව වගේ රටක මේ ශරීර වෙනස්කම් ගැන මිනිස්සු ලොකුවට තකන එක. ඒ කියන්නේ කවුරුහරි මුණගැහුනහමත් “හානේ ඔයා මහත් වෙලානේ”, “අයියෝ ඇයි මේ කෙට්ටු වෙලා” වගේ කමෙන්ට් වරදින්නෙ නෑ. පළවෙනිම කාරණාව මතක තියාගන්න, එහෙම මිනිස්සුන්ගේ ශරීර ගැන කථාකරන එක සදාචාර සම්පන්න නෑ. දෙවෙනි කාරණාව මතක තියාගන්න, කෙට්ටුයි කියලා හිත කරදර කරගන්න එපා මල්ලී. කෙට්ටු කොල්ලෙක්ට වුනත් ඇඟ හදාගන්න ක්‍රම සහ විධි තියෙනවා. ආන්න ඒ ගැන තමයි අපි කියලා දෙන්න යන්නේ!

 

මේක ඔය ජිම් ගිහින් යකඩ තලන අයියලා හොඳින් දන්න දෙයක්. අපේ ඇඟට ප්‍රෝටීන් ඕන. මස්පිඬු හැදෙන්න ප්‍රෝටීන් ඕන. හැබැයි ඇඟ ඇතුළේ තව දේවලට ප්‍රෝටීන් වුවමනායි. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දවසක කෑම වේලකින් ගන්න ප්‍රෝටීන් ප්‍රමාණය හොඳින් මස්පිඬු හැදෙන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අන්න ඒ නිසා ජිම් එකටත් ගිහින් ගාණට ඇඟ ගොඩදාගන්න හිතන මල්ලිලා හොඳ ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ගන්න හිතන්න වුවමනායි. ඒ නිසා ඉතින් මාළු, මස් වර්ග, කිරි, බිත්තර එහෙම තමන්ගේ ආහාර වේලට වැඩියෙන් එකතු කරගත්තට කමක් නෑ.

 

මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද! කෙට්ටු වෙන්න ඩයට් කරන්න ඕන වගේම තමයි මහත් වෙන්නත් ඩයට් කරන්න ඕන. හැබැයි ඉතින් කෙට්ටු හාදයෙක් මහත් වෙන්න කරන ඩයට් එකේ තියෙන්න ඕන අඩු කැලරි නෙවෙයි, වැඩි කැලරි ප්‍රමාණයක්. හැබැයි තව දෙයක්. හොඳට කන්න ඕන කිවුව ගමන් අපේ අයියලා කරන්නේ ඉවක් බවක් නැතුව අහුවෙන හැමදේම කාගෙන යන එක. අපි ඉන්න ලෝකේ අතට ලේසියෙන්ම අහුවෙන්න තියෙන්නේ පාන් පිටි, තෙල් සහිත කෑම මිසක් පෝෂ්‍යදායී කෑම නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ නිසා තමන්ගේ කෑම වේල ක්‍රමිකව හදාගන්න ඕන. ඒකට පිෂ්ටය, මේදය වගේම අනෙකුත් පෝෂ්‍ය පදාර්ථත් නොඅඩුව ඇතුළත් වෙන්න ඕන.

අපි මේකට නිර්දේශ කරන්නේ පෝෂණවේදියෙක් මුණගැහෙන්න කියලා තමයි.

 

ශරීර සුවතාවය කියන්නේ දැන් කාලේ ගොඩක් දෙනෙක් අවධානය යොමු නොකරන, හැබැයි අත්‍යාවශ්‍යම දෙයක්. ආන්න ඒ නිසා ජිම් එකට යන එකත් වැදගත්. කාඩියෝ ව්‍යායාම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ ඇඟ හදන්න. අන්න ඒකට සහතික ලත් ශාරීරික පුහුණුකරුවෙකුගේ සේවය අනිවාර්යයයි. මුලින්ම පටන් ගන්න තියෙන්නේ පපුව, ඇඟේ පිටුපස, කකුල් වගේ විශාල මස්පිඬු කාණ්ඩයන් හදාගැනීමෙන්. මේ ශරීර සුවතා රෙජීමයේ වාසිය තියෙන්නේ ඇඟ හැදෙන එක විතරක් නෙවෙයි. පොදුවේ නිරෝගීව ඉන්නත් ඒක ලොකු උපකාරයක්.

 

ජිම් එකේ අයියගෙන් ඇහුවොත් හොඳ වේ ප්‍රෝටීන් එකක් කියයි. හැබැයි අපි කියන්නේ එහෙම එපා කියලා. අහලා බලන්න තමන්ගේ පෝෂණවේදියාගෙන්. එයා කියයි තමන්ට ගැලපෙන හොඳ ප්‍රෝටීන් ෂේක් එකක් සහ ඒක බොන්න ඕන විදිය. දැන් ශරීර සුවතා වැඩකටයුතු වලට කලින් ප්‍රෝටීන් ෂේක් එකක් බොන එකෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

 

මේකත් ජිම් යන කොල්ලෝ දන්න දෙයක්. පිස්සුවෙන් වගේ දිනපතා යකඩ තැලුවා කියලා කිසිම ප්‍රතිඵලයක් සාර්ථකව ලැබෙන්නෙ නෑ. යකඩ තලන අතරේ විවේක ගන්න ඕන. හරිනම් ෆුල් බොඩි වර්ක් අවුට් එකකට පස්සේ දවස විවේකයට වෙන් කලාට කමක් නෑ. ඇත්තටම ඇඟේ මස්ල්ස් හැදෙන්නේ විවේකයේදී මිසක් වර්ක් අවුට් එකේදී නෙවෙයි. මේ විවේක දවසේදී කාබෝහයිඩ්‍රේට් තියෙන කෑමක් ගත්තට කමක් නෑ, පිරුණු ශරීරයක් හදාගන්න උත්සාහ කරන කොල්ලෙක් නම්.

 

දැන් කෙට්ටුවට ඉන්න කොල්ලෙක් මහත් වෙන්න උත්සාහ කරනකොට ඔය මහතට ඉන්න ඩයල් එකකට කරන්න එපා කියන දේවල් එකක් දෙකක් කළාට කමක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත් වර්ක් අවුට් එකකට පස්සේ අයිස්ක්‍රීම් එකක් එහෙම කෑවට කමක් නෑ. හැබැයි ඉතින් සීනි ලෙවල් ගැන එහෙම පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන. ඒ වගේම නිදාගන්න යන්න කලින් රෑට කිරි එකක් එහෙම බිවුවට කමක් නෑ. කොහොමත් පෝෂණගුණයෙන් අනුන දියර ආහාර වලට වැඩි බරක් දුන්නට කමක් නෑ. මොකද ඝන ආහාර වලට වඩා දියර ආහාර ඉක්මනින්ම දිරවනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here