ව්‍යාපාරයට නමක් තෝරා ගන්නා විට මේ ගැන හිතන්න.. – Saru News Media

0
3

වර්තමානයේ බොහෝ දෙනා තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විශාල උනන්දුවක් දක්වනවා .ඉතින් ව්‍යාපාරය තරමටම එහි නම වැදගත් වන්නේ ඔබ පාරිභෝගිකයන් වෙත සමීප කරවන තවත් එක් මාධ්‍යයක් වන්නේ ව්‍යාපාරයේ නාමය නිසයි.ඉතින් ඔබේ අලුත් ව්‍යාපාරයට නමක් තෝරා ගැනීමේ දී මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වන්න .

  1. පහසුවෙන් කියවන්න පුලුවන් වියයුත්තක් වීම හරිම වැදගත්
  2. ඒ නමට ඩොමේන් එකක් ගත හැකියාව ඇත්දැයි සොයාබලන්න .බොහෝවිට ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය වෙන අවස්ථා ඉදිරියේ දී ඇතිවන බැවින්.
  3. ඔබේ පාරිභෝගිකයන් වැඩි දෙනෙක් සාමාන්‍ය ග්‍රාමීය ජනතාව නම් නම ඔවුන්ට සමීප වගේම දේශීය භාශාවකින් තිබීමත් පහසුවක් වේවි.
  4. දිග වචන යොදා නොගන්න.
  5. තේරුමක් ගැන එතරම් සැලකිලිමත් නොවුනත් ශබ්දය ගැන සැලකිලිමත් වෙන්න.
  6. ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වනවා නම් ඉදිරි කාලයටත් ගැලපෙන නමක් තෝරාගන්න.
  7. ඒ වගේම සමහර නම් කෙටි කර භාවිතා කිරීමේදී යම් විසුලු බවක් පෙනෙනවා .ඒ ගැන සැලකිලිමත් වෙන්න.
  8. නැකැත් ආදිය විශ්වාස කරන අය නමේ සුබ අසුබ මාත්‍රාවන් ගැන වදවෙනවා.ඔබත් එසේ කෙනෙකු නම් දන්නා කියන කෙනෙක් ලවා සුබ නාමයක්ද කියා සොයා බලන්න.
  9. නම සමගම ඊට ගැළපෙන ලෝගෝ එකත් නිර්මාණය කරගැනීමට සැලසුම් කරගන්න.

-චම්මි-

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here