විදෙස්ගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත රැවුල් කුමාරගේ ගෝලයෙක් කඩුවෙලදී අත්අඩංගුවට

0
11

විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත “රැවුල් කුමාර” නැමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු කඩුවෙල, වැලවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධව ස්ථාපිත සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමේ මෙහෙයුම් කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට තොග වශයෙන් ගංජා බෙදා හරින “දෙමටගොඩ චාමර නිරෝෂන්” නැමැති එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කේරල ගංජා කිලෝ දෙකක් සමඟින්.

සැකකරු වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා එම කේරල ගංජා රැගෙන එන බවට බුද්ධි අංශ නිලධාරින්ට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මකවූ කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධව ස්ථාපිත සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමේ මෙහෙයුම් කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කඩුවෙල, වැලවිට ප්‍රදේශයේ නිවසක තිබී තවත් ගංජා කිලෝ 23ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් එම නිවස රුපියල් 35,000ක කුලි පදනම මත ලබාගෙන මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා.

සිය භාරයට ගත් එම ගංජා තොගයේ වටිකාකම ලක්ෂ 70ක් පමණ වන බවද පොලිසිය සඳහන් කළා.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරිමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here