ශ්‍රී පාද මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ගැනේ – Saru News Media උණුසුම් පුවත්

0
11

ශ්‍රී පාද මළුවෙන් පහළට පැන පසුගිය 19 වනදා අතුරුදන් වු පුද්ගලයා ඊයේ සවස සොයා ගැනීමට නල්ලතන්නිය පොලිසියට හැකි වුණා.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරීමට මොහු පැමිණ තිබුණා.

අවුරුදු 33ක් වයසැති දිනේස් හේමන්ත යන පුද්ගලයායි මෙලෙස ශ්‍රී පාද මළුවෙන් පහළට පැන අතුරුදන් වුණේ.

ඔහු සෙවීමේ කටයුතු ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා නල්ලතන්නිය රිකාටර්න් පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම් ආරම්භ කළා.

24 වන දින සවස නල්ලතන්නිය රජමලේ වතුයායේ එම පුද්ගලයා සිටින අයුරු දුටු වතු යායේ පිරිසක් පිළිබඳ නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම්දී තිබෙනවා.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණා.

තුවාල ලබා සිටි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මස්කෙලිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here