සැලුන් නොයා ගෙදරදී ම අත් දෙකේ රෝම වැඩි ප්‍රශ්නයට සත්කාර කරමු – Saru News Media

0
8

අත් දෙකේ රෝම තියන තරමට හොඳයි. නමුත් සමහර අයට මේක හිතට වදයක්. ඉතින් ඒකට සැලුන් යනවා. තියන විසඳුම වැක්සින්. ගොඩක් අයට මේක වේදනාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමට නොයා නිවසේ ඉඳන් ම අඩු වේදනාවකින් යුතු ව මේ දේවල් එකලාසයක් කරන්න පුළුවන් නේ. වැක්සින් වගේ තනිකර ම එක රෝමයක්වත් නොමැති තරමට නම් අත් දෙක සුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේවා වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ වේදනා ගෙන නොදෙන ක්‍රම විදියට හඳුන්වන්න පුළුවන්.


ගෙදර ඉඳන් සැපේ වැක්සින් කරන්න ඕනි සීනී කෝප්පෙකුයි අඩුම කුඩුමයි විතරයි. සාස්පානකට සීනී කෝප්පයකුත්, ලෙමන් යුෂ මේස හැඳි හතරකුත්, වතුර මේස හැඳි හතරකුත් දාලා උකු පේස්ට් එකක් වෙනකන් හැඳි ගාන්න වෙනවා. ඊට පස්සේ වෙනම භාජනයකට දාලා අදාළ ස්ථානවල මේ පේස්ට් එක ආලේප කරනවා. ටිකකින් වැක්සින් එකක වගේ ම ඒක ගලවලා අයින් කරන්නයි තියෙන්නේ.


ඉස්කෝලේ කාලේ සෝයා අයිස් කකා ගෙදර ගියා මිසක් ඒකෙන් වෙච්ච බලපෑමක් ගැන හිතුණේ නෑනේ. නොහිතා ඒ කාලේ ඉඳන් ම කරලා තියෙන්නේ වැක්සින් තමයි. සෝයා ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමෙන් රෝම තියන ස්වාභාවයට වඩා සිහින් වෙනවා. කාලයත් එක්ක අනවශ්‍ය රෝම කූප මේ සිහින් වීම එක්ක නැති වෙලා ම යනවා.


මේ වැඩේ හරියට ම කරොත් කාලයත් එක්ක රෝමවලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙන්න පුළුවන්. අමු පැපොල් තේ හැඳි දෙකකුත් කහ කුඩු තේ හැඳි භාගයකුත් දාලා පේස්ට් එකක් හදාගෙන අත්වල ගල්වා විනාඩි 15ක් වේලෙන්න ඉඩ හැර ඉවත් කරගන්න. සතියකට වරක් මෙය සිදු කරන්න.


තිරිඟු පිටි තේ හැන්දකට මුදවපු කිරි මේස හැඳි දෙකක් එකතු කරලා හදා ගන්න මේ පේස්ට් එකත් පැපොල් – කහ වගේ ම අත්වල ආලේප කරලා විනාඩි 15ක් තියන්න වෙනවා. ඉන් පස්සේ වතුරෙන් සෝදන්න. මුදවාපු කිරිවලින් වෙන්නේ ඇත්තට ම ටෙස්ටෙස්ටරෝන් පාලනය. ඒක රෝමවල වැවීමට බලපානවා. මේකෙන් ඇත්තටම සෝයාවල වගේ රෝම සිහින් වීමක් සිද්ධ වෙනවා. 


පියුමික් ගල් ඕනෑ ම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරන ස්ථානයකින් ලබාගන්න පුළුවන්. බොහෝ විට භාවිත කෙරෙන්නේ හමේ මැරුණු සෛල ඉවත් කරන්නයි. නමුත් රෝම ගැටලුවටත් උපකාරී කරගන්න පුළුවන්. විනාඩි දහයක් මෙය උණු වතුරේ තියන්න ඉඩ හරින්න. ඉන්පසු භාවිතයට ගන්න. පියුමික් ගල් හමේ අතුල්ලනකොට වෘත්තාකාර විදියට එය ඔබේ තෙත සමේ කළ යුතු වෙනවා. 


ලෙමන් යුෂවලින් පමණක් මේ කාරණාව කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි ඒ දවසම ගෙදරට වෙලා ඉන්න. ඉර එළියට පොඩ්ඩක්වත් වැදෙන්න හොඳ නැහැ. මොකද ඒක හමට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලෙමන් යුෂ අරගෙන අත්වල හොඳින් ගාලා විනාඩි විස්සක් තියලා සෝදා හරින්න ඕනි.


යෝගට්වල අඩංගු ලැක්ටික් ඇසිඩ්වල බලපෑම නිසා රෝම සිහින් වීම සිදු වෙනවා. දිගු කාලීන භාවිතයෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගන්න පුළුවන්. අත් දෙකෙහි ගල්වා විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදාගන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here