අපි නිතරම අමතක කරලා දාන, ඒත් ජීවිතේට වැදගත් හොඳ සෞඛ්‍ය පුරුදු – දෙවෙනි කොටස – Saru News Media

0
18

 

ඔය සෞඛ්‍ය සම්පන්න පුරුදු කියන එක ගැන අපි ගොඩක් දෙනෙක්ට පුංචි කාලේ ඉඳලම කියලා දෙනවනේ. හැබැයි ඉතින් එහෙම පුංචි කාලේ ඉඳලම කියලා දීපු යහපත් සෞඛ්‍ය පුරුදු වැඩිහිටි වියට ඇවිල්ලත් පිළිපදින්නේ ඉතින් එහෙමත් කෙනෙක් තමයි. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය සෞඛ්‍ය සම්පන්න පුරුදු තේරුමක් නැහැයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එක මොහොතකදී අපේ ශරීර සෞඛ්‍යයට ඔය යහපත් සෞඛ්‍ය පුරුදු නැති කමෙන් තර්ජන එල්ල වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි මීට කලිනුත් කියලා තියෙනවා මතක ඇති. ආන්න ඒ නිසා අපි පුරුදු වෙමු මෙන්න මේ කියන, අපි වැඩි දුර හිතන්නේ නැති, ලොකු වැඩක් නෑ වගේ කියලා හිතන යහපත් සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතේටත් ඇතුළත් කරගන්න. 

 

මේක සාමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ සහ ටිකක් කෙල්ලෝ කරන දෙයක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ තුවාය ගත්තොත් ඕන නං දොර වැහෙනවට ලෑල්ලක් විදියට හේත්තු කරන්නත් පුළුවන්. අන්තිමට තුවාය හෝදලා තියෙන්නේ චන්ද්‍රිකා ආණ්ඩුව තියෙන කාලේ. හා බොරුද? තුවාය දුඹුරු පාටට තිබ්බට, හෝදලා බැලුවොත් තේරෙයි ඇත්තටම කහ පාට තුවායක් කියලා!

 

මෙන්න ඉතාම අහිතකර සෞඛ්‍ය පුරුද්දක්. මේකෙන් රටේ නැති චර්ම රෝග, දිලීර හැදෙන්න පුළුවන්. අපේ උපදෙස් මේකයි. මූණ පිහිදන තුවායෙන් පස්ස පිහිදුවට කමක් නෑ. හැබැයි තුවාය දවස් පහකට සැරයක් වත්, උපරිම සතියකට සැරයක්වත් හෝදන්න. නාලා ඇවිත් තුවායෙන් පිහිදන හැම වෙලේම ඒක ගුලි කරලා කොහේ හරි ඔබන්නෙ නැතුව අව්වට දාලා ගන්න. හොඳම දේ තුවා දෙකක් පාවිච්චි කරන එක මාරුවෙන් මාරුවට.

 

මේකත් තුවාය වගේම තමයි. අර බෙට්ෂීට් එකේ නිදාගන්න සෙට් වෙන තැන කළු වෙලා, කොට්ට උරත් ඔලුව හිටින තැන කළු වුනහම තමයි සමහරු බෙඩ්ෂීට් මාරු කරන්නේ. හැබැයි එක්ස්පර්ට්ලා කියන්නේ, හැමදාමත් නිදාගන්නේ එකම ඇඳේ නම් කරුණාකරලා සතියකට සැරයක්වත් බෙඩ්ෂීට් සහ කොට්ට උර මාරු කරන්න කියලා තමයි. එහෙම කියන්න හේතු තියෙනවා. අපි නින්දට ගියත් අපේ ඇඟෙන් දහදිය දානවා. අනික අතිශයින්ම දහදිය දාන කෙනෙක්ට නම් සතියකට අඩු කාලෙකින් වුනත් ඇඳ රෙදි, කොට්ට උර මාරු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් මාරු කරන්නේ නැතුව ඇඳ රෙදි සහ කොට්ට උර පාවිච්චි කරනවා කියන්නේ සෞඛ්‍ය ගැටළු වලට තුඩු දෙන්න පුළුවන් කියන එක. අනික පිරිසිදු ඇඳ ඇතිරිලි උඩ නිදාගන්න ෆීලින් එකම මාරයි.

 

සමහරුන්ගේ සපත්තු ගැලෙව්වහම මුළු පළාතම ගඳයි. පූසෙක් එහෙම සපත්තුව ඉව කළොත් එහෙමම කලන්තේ දාලා වැටෙනවා. හැබැයි ඉතින් හරි විදියට සපත්තු පාවිච්චි කරනවා නම් ඔය කරදරේ නෑ. මූලිකම දේ තමයි හොඳට කකුල් හෝදලා, වියලලා තියාගන්න එක. එතකොට පිරිසිදු මේස් පාවිච්චි කරන එක. තෙත පිටින් කකුල් වලට මේස් දැමීම හෝ හරියට වේලුනේ නැති මේස් කකුලට දැමීම හෝ නොකරන එක. එක දිගට එකම සපත්තු කුට්ටමක් පාවිච්චි නොකරන එක. හොඳම දේ තමයි සපත්තු කුට්ටම් දෙකක්වත් මාරුවෙන් මාරුවට පාවිච්චි කිරීම. ඒ වගේම එක දිගට සපත්තු කුට්ටමක් දවස් කීපයක් දාන්න වුනොත් පොඩ්ඩක් අවුවෙන් තැබීම. ආන්න එතකොට ඔය සපත්තු ගඳ එන්නෙ නෑ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here