සීනි වලට ඇබ්බැහි වෙලාද? සීනි පාවිච්චිය අඩු කරන්න ඕනැද? එහෙමනම් තවදුරට කියවන්න – Saru News Media

0
13

 

සාමාන්‍යයෙන් හෙරොයින් ගහලා නැත්තේ කවුද කියලා ඇහුවොත්, ඕනම පිරිසක සැළකිය යුතු ප්‍රමාණයක් අත් උස්සයි. හෙරොයින් කියන්නේ තදින් ඇබ්බැහි වෙන සුළු, තහනම් මත්ද්‍රව්‍යයක්. ඒ නිසා හෙරොයින් පාවිච්චි කරන්නේ සමාජේ සුළු කොටසක් විතරයි. හැබැයි සීනි හෝ සීනි දාලා හදපු කෑම ජාති හෝ බීම ජාති කාලා බීලා නැත්තේ කවුද කියලා ඇහුවොත්, ඒකට එක අතක්වත් ඉස්සෙන්නෙ නැහැ කියලා ෂුවර්. මොකද, සීනි කියන්නේ මත්ද්‍රව්‍යයක් විදියට සැළකෙන්නෙත් නෑ. සීනි භාවිතා කරන්න කිසිම තහනමකුත් නෑ. හැබැයි ගැටළුව මේකයි. සීනි කියන්නෙත් එක්තරා විදියකට ඇබ්බැහියක් තමයි. ආයෙ දිගින් දිගටම අධික විදියට සීනි භාවිතා කළොත්, ලෙඩ රෝග දායාද විදියට ලැබෙනවා සත්තයි!

 

ඇත්තටම මේ වෙනකොට අපි හිතනවට වඩා බෝ නොවෙන ලෙඩ රෝග අපි අතරේ බහුලව තියෙනවා. දියවැඩියාව ඊට එක උදාහරණයක්. අන්න ඒ නිසා තමයි අපි හැමෝම සීනි අධික විදියට භාවිත කිරීමට වහාම තිත තියන්න ඕන වෙන්නේ. අපි මීට කලිනුත් කියලා තියෙනවා පැණි බීම ඇබ්බැහිය නවත්වා ගන්න කරන්න ඕන දේවල් ගැන. ඉතින් අද කතා කරමු, පැණි රස කෑම බීම වලට තියෙන ඇබ්බැහිය අඩු කරගන්න, පාවිච්චිය අඩු කරන්න හෝ නවත්වා ගන්න මොනවද කරන්න පුළුවන් කියන එක.

 

මේක බොහොම සරල පියවරක්. කරන්න තියෙන්නේ එක්කෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන එක නැතිනම් ගූග්ල් සර්ච් එකක් කරලා බලන එක. ඒ තමයි සීනි අධිපරිභෝජනයේ අවදානම කියන එක. එහෙම නැතිනම් වැඩියෙන් සීනි කෑ විට වැළඳිය හැකි ලෙඩරෝග කියන එක. ආන්න එතකොට තමන්ට දැනගන්න පුළුවන් මොන වගේ අන්තරාවකද තමන් ඉන්නේ කියලා. ඇත්තටම මේ අවදානම දැනගන්න එක තමයි පළවෙනි පියවර. එහෙම නැතුව අපිට ඇත්තටම අධික සීනි පරිභෝජනයෙන් මිදෙන්න ඕන කියන සිතුවිල්ල ලැබෙන එකක් නෑ.

 

හැබැයි එකක්. මේ අවදානම දැනගත්තත් සමහරු හිතනවා ඒ ලෙඩරෝග අනික් අයට හැදුණත් තමන්ට හැදෙන්නෙ නෑ කියලා. ආන්න ඒ අදහසත් වෙනස් කරගන්න වෙනවා. ඕනම කෙනෙක්ට මේවා හැදෙන්න පුළුවන්. තමන්ටත් ඒ අවදානම ඉතාම ඉහළින් තියෙනවා, දැනටමත් සෑහෙන්න සීනි කන කෙනෙක් නම්.

 

මේකට නම් ඉතින් හොඳ අධිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕන. එතකොට ඒ අධිෂ්ඨාන ශක්තිය එන්නේ උඩ කියපු කාරණාවෙන් පස්සේ. හිතාගන්න තමන් සීනි පරිභෝජනය අඩු කරන්නේ තමන්ගේ ශරීරයේ හොඳටයි කියලා. දැන් එක පාරම නවත්තන්න ඕන නෑ. හැබැයි අපිට පුළුවන් ප්‍රමාණයන් අඩු කරන්න. හැබැයි ඉතින් මේක බොහොම සවිඥාණිකව කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ, තමන් වෙනදට කුකීස් පැකට් එකක් කනවා නම්, ඒක දවස් කීපයක් ඇතුළත එක කුකී එකකට බස්සන්න ඕන. තමන් වෙනදට තේ එකට සීනි හැඳි තුනක් දානවා නම්, ඒක එක හැන්දකට වගේ බස්සන්න ඕන. වෙනදට තමන් චොකලට් කනවා නම්, දවසකට එක චොකලට් බාර් එකක් කන පුරුද්ද, කෑම කෑවට පස්සේ කන එක චොකලට් කෑල්ලකට අඩු කරන්න ඕන. ඕන නම් මේක කැලරි ප්‍රමාණය ගණන් කරමින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පැණිරස කෑම වලින් දිනකට ලැබෙන කැලරි ප්‍රමාණය 150 කට වඩා ඉහළ යන්න ඉඩ දෙන්නෙ නෑ වගේ දෙයක් කරන්න පුළුවන්.

 

සමහරුන්ට තියෙනවා ප්‍රමාණය අඩු කරන්නත් හිත හදාගන්න බැරි ගතියක්. ඒ කියන්නේ අධිෂ්ඨාන ශක්තියේ අවුලක් තමයි. හැබැයි සැලෙන්න එපා. ඒවලටත් කරන්න දේවල් තියෙනවා. අපිට පුළුවන් කෑම වර්ග මික්ස් ඇන්ඩ් මැච් කරන්න මෙතනදී. උදාහරණයක් විදියට ගත්තොත්, අපි වෙනදට කුකීස් පැකට් එකක් කන එක අපි එක කුකී එකකට අඩු කරනවා කිව්වනේ. හැබැයි අපි එතනින් නවතින්නේ නැතුව තව දේවල් ඒකට ඇඩ් කරනවා. ඕන නම් අර ඕට්ස් කුකීස් දෙකතුනක් එක්ක චොකලට් කුකී එකක් මික්ස් කරලා කන්න පුලුවන්. එතකොට වෙනදට කන චොකලට් රස කෝර්න්ෆ්ලෙක්ස් වෙනුවට ඕට්ස් හදලා, ඒකට චොකලට් සිරප් හෝ ඒ වගේ රස ගන්වන පොඩි ප්‍රමාණයක් දාලා කන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න, මේක දීර්ඝකාලීන සැලසුමක් නෙවෙයි. හිත රවට්ටගෙන මේක දිගටම කරන්න හිතන්න එපා. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here