හොඳ ඊමේල් සෞඛ්‍යයක් පවත්වා ගන්නේ මෙහෙමයි! – Saru News Media

0
5

අපි මීට කලිනුත් පෙන්නලා දීලා තියෙන දෙයක් තමයි, කොහොමද නියම ප්‍රොෆෙෂනල් විදියට අනික් අයත් එක්ක ඊමේල් ඔස්සේ ගනුදෙනු කරන්නේ කියන එක. එතනදී අපි ඊමේල් එකක් ලියනකොට, යවනකොට, ලැබුණහම කොයි වගේ කරුණු කාරණාද අනුගමනය කරන්න ඕන කියන එක කියලා දීලා තියෙනවා. හරි, ඔය ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් එකක් යවන සාස්තරේ මාස්ටර් කරගත්තා කියමුකෝ. හැබැයි ඒකෙන් විතරක් අපි හොඳ ඊමේල් යූසර් කෙනෙක් වෙනවද? නැහැ. අපි හොඳ ඊමේල් යූසර් කෙනෙක් වෙන්න නම්, email hygiene ගැනත් හිතන්න ඕන. වෙන විදියකට කියනවා නම් යහපත් විදියට අපේ ඊමේල් භාවිතාව තියාගන්න ඕන. ඇත්තටම ඒක වැදගත් වෙන්නේ තමන්ටම තමයි. ඊමේල්ස් වලින් අපේ සන්නිවේදන කටයුතු වඩාත් පහසු වීමනේ වෙන්න අවශ්‍ය. අන්න එතකොට, ඊමේල්ස් අපිට හිසරදයක් නොවෙන්න ඕන. අන්න ඒකට තමයි හොඳ ඊමේල් සෞඛ්‍යයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් කියවලා බලන්න මේ ටිප්ස් ටික. ඒක සෑහෙන්න වැඩදායක වෙයි, හොඳ ඊමේල් භාවිතයක් පවත්වා ගන්න අවශ්‍ය කෙනෙක්ට.

 

 

 

මේක නිකං ඇහුවහමත් කොයිල් වගේද? මොකද ගොඩක් අයට තියෙන්නේ ඇත්තටම එක ඊමේල් එකයි. එකකට වඩා තියෙනවා නම් ගොඩක් වෙලාවට වෙන්නේ, කලින් හදපු ඊමේල් වල පාස්වර්ඩ් අමතක වෙලා නිසා පස්සේ හදාගත්තු එව්වා තමයි. ඒ ඇරෙන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ එක ඊමේල් එකයි. ඉතින් ඔය ඊමේල් එක තමයි හැම මගුලකටම දෙන්නේ. ඉතින් ඒකේ ඔෆිස් එකෙන් එවපු වැදගත් ඊමේල්ස් එක්ක අහවල් රටට යන්න වීසා ගන්න කියලා දවසට පහ ගාණේ එන ඊමේල්ස්, බියුටි ප්‍රඩක්ට්ස් ගැන කියලා ස්පෑම් වෙන ඊමේල් වගේ කිසිම වැදගත්කමක් නැති ඊමේල්සුත් පන්සීයක් විතර තියෙනවා දවසකට විතරක්. අන්න ඒ නිසා, හොඳ ඊමේල් පරිශීලකයෙක් වෙන්න නම්, ඊමේල් එකවුන්ට් හතරක් තිබීම නරක දෙයක් නෙවෙයි. මොකටද ඊමේල් එකවුන්ට්ස් හතරක්? එකක් ඔෆීෂියල් වැඩ වලට. මේකට ගොඩක් වෙලාවට ඔෆිස් එකෙන් ලැබෙන ඊමේල් එකවුන්ට් එක පාවිච්චි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ සෝෂල් මීඩියා වලට තනිකරම වෙනම ඊමේල් එකක්. ඊට පස්සේ පෞද්ගලික දේවල් වලට වෙනම ඊමේල් එකක්. ඊට පස්සේ ඔය හැමතැනටම ඊමේල් ඇඩ්‍රස් එකක් ඉල්ලුවහම දෙන්න කුණු බක්කිය වගේ ජෙනරල් ඊමේල් එකක්. ආන්න එතකොට තමන්ගේ ඊමේල් කළමනාකරණය පහසු වෙනවා!

 

 

 

දැන් අපි ඔය නිව්ස්ලෙටර් වලට පීසා හට් ප්‍රොමෝ වලට අරවට මේවට හැම තැනටම දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා තියෙනවනේ. හරි, ඒකට කමක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. උඩින් කිව්වා වගේ ඕන තැනකට දෙන්න පාවිච්චි කරන ඊමේල් එක වුණත් ඊමේල්ස් වලින් පිරුණට පස්සේ අපිට අවශ්‍ය කරන ඊමේල් එකක්වත් හොයාගන්න එක අමාරු වීම. ඒ වගේම, කුණුබක්කියක් පිරිලා ගේ ඉස්සරහා තියෙනවා වගේ, ඊමේල් එක පිරුණට පස්සේ ඒක පිරිසිදු කරන්න අවශ්‍ය වීම. අන්න ඒ නිසා, අපිට පුළුවන් දවසක් දාගෙන, වැඩක් නැති ඊමේල් එවන එවුන් අයින් කරලා දාන්න. ඇත්තටම ජීමේල් වගේ සේවාවන් වල අපිට පහසුකම් දෙනවා, අපි කාලෙකින් ඕපන් කරලාවත් නැති ඊමේල්ස් එවන යම් යම් තැන් වලින් අන්සබ්ස්ක්‍රයිබ් වෙන්න. අපිට අපි සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙන තැන් වලින්, ඇත්තටම අදාළ නැති ටික හොයලා අයින් කරන්නයි තියෙන්නේ! ආන්න ඊට පස්සේ බලන්න ඊමේල් ලිස්ට් එකට දැනෙන සනීපේ!

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here