2024 පාසල් වාර විභාග කාල සටහන නිකුත් වෙයි

0
71

පාසල් වාර සටහනට අනුව 2024 වර්ෂයේ පාසල් වාර විභාගය පැවැත්වෙන කාල සීමාවන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති 2024 පාසල් වාර සටහනට අනුවයි.

ඒ අනුව මෙම වසරේ පළමු වාර විභාගය මැයි 27වන දා සිට මැයි මස 31වන දා පැවැත්වෙනු ඇතියි.

දෙවන වාර විභාගය අගෝස්තු මස 01වන දා සිට අගෝස්තු මස 15වන දා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙම වසරේ තුන්වන වාර විභාගය 2025 වසරේ ජනවාරි මස 06වන දා සිට ජනවාරි 17 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් 2025 පාසල් වාර සටහන අනුව තෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය විය හැකි බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here