ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට නව සභාවක් – Saru News Media උණුසුම් පුවත්

0
18

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම මහරගම නාවින්නේ පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී පසුගියදා (24) සිදු කළා.

ආයුර්වේද පනතතේ 77 වන වගන්තිය අනුව සකසා පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත්වීමෙන් පසු එහි සඳහන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව මෙලෙස බලාත්මක වුණා.

කමිටු සාමාජිකයන් 17දෙනෙකුගෙන් සමනවිත මෙම කම්ටුවේ සභාපතිත්වය ආයුර්වේද කොමසාරිස් ජනරාල් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහත්මා සතුවන අතර එහි ලේකම් ධුරය සඳහා සහකාර ආයුර්වේද කොමසාරිස් (ශිල්පීය)වෛද්‍ය එස්. කේ. පී තරංග මහතා ඇතුළු අනෙකුත් කමිටු සාමාජිකයන් පත්කිරිමට කටයුතු කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here