ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි – Saru News Media දේශීය පුවත්

0
13

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ සහාය යටතේ මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණ.

එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු අති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම මෙන්ම තරුණතරුණියන් වැඩි වශයෙන් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ කරගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ද පෙන්වා දුන්නා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here