ඉරාන ජනාධිපතිගෙන් උමාඔය ගමන අඩමානයි..

0
6

ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා මෙරටට පැමිණෙන දිනය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා මෙම මස 24 වැනි දින ඉරානය ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට සැලසුම් කර තිබුණි.

නමුත් ඉරානය හා ඊශ්‍රායලය ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙම සංචාරය කල් දැමීමේ තත්වයක් මතුව ඇත.

කොළඹ සිටින ඉරාන තානාපතිවරයාද සුගියදා පවසා තිබුණේ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය මෙතෙක් තහවරු කර නැති බවය.

මේ අතරා වාර්තා වන්නේ ඉරාන ජනාධිපතිවරයා 24 වැනිදා මෙරට නොපැමිණියහොත් උමා ඔය විවෘත කිරීමේ දිනයද කල්දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here