කේට් කුමරියගේ ලස්සන වීමේ රහස් – Saru News Media

0
4

කේට් කුමරිය ලෝකයේ සිටින සුන්දරම ගැහැනුන් අතර ඉහළ තැනක ඉන්නා කාන්තාවක්. ඇය බොහෝ විලාසිතා නොකරත් අතිශයින්ම රූමත් කාන්තාවක්. ඇය දරුවන් තිදෙනෙකුගේ අම්මා කෙනෙක් වුණත් හතලිස් එක්වැනි වියේ පසු වුණත් ඇගෙන් තවමත් යෞවනය පහව ගොස් නෑ.කේට් කුමරිය හැමදාම තරුණ පෙනුමට ඉන්නේ කොහොමද? ඇගේ Skincare routine එක ඔබට කියන්න අපි හිතුවේ ඒකයි. ඇගේ මේ යෞවනත්වයට ජාන, හොඳ ආහාර පාලනය සහ Skin care routine එක හේතු වන බව කියැවෙනවා.

“cleansing, hydrating and regenerating” කේට්ගේ ස්කින්‍ කෙයා රූටින් එකේ සම්පූර්ණ රහස මේ වචන තුන බව Doctors Formula Cosmeceuticals හි ඩයන් ඇකර්ස මාධ්‍ය සමඟ බෙදා ගෙන තිබුණා.

cleansing,

අප වයසට යන විට පිරිසිදු කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔබේ සම යම් දැඩි හෝර්මෝන වෙනස්කම්වලට මුහුණ දෙන්නේ නම්, එහි තෙල් ගතිය වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා සම හොඳින් ක්ලෙන්සර් කිරීම හරිම වැදගත්. මෙය උදෑසන සහ හවස පුරුද්දක් ලෙස කරන්න පුලුවන්.

hydrating and regenerating

ආලේපන තෝරා ගැනීමේදී වයස 20-30 අතර පාවිච්චියට ගත් ආලේපන සමට ගැළපෙන්නේ නෑ.  ඒ නිසා මැදි වයසට ගැළපෙන ආලේපන තෝරා ගැනීම සෑම විටම වැදගත්. ඒ වගේම වරින් වර ආලේපන මාරු කිරීමත් ඉතාම අනුවණ වැඩක්.

ඩයන් ඇකර්ස් පවසන පරිදි Hyaluronic Acid සියුම් රේඛා ඉවත් කර සමේ රැලිවල ගැඹුර අඩු කරනවාවිටමින් C සමේ අධි වර්ණක මැඩලීමට කටයුතු කරනවා. හොඳ ආලේපනයකින් සමේ විශාල වූ සිදුරු මැඩලන්නට කටයුතු කරනවා

අවසානයේදී ඩයෑන් මෙසේ උපදෙස් දුන්න: “හෝමෝන උච්චාවචනයන් වැඩි විය හැකි වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් සඳහා, සම මත සුවපහසු ලෙස ගැල්ටවිය හැකි මොයිස්චරයිසර් තෝරා ගැනීම වැදගත්. එය ඉක්මනින් අවශෝෂණය වීමත් තවත් වැදගත්.

කේට් කුමරිය සමට ගල්වන ආලේප හෝ ඇය කරන ස්වභාවික සත්කාර ගැන හෙළිදරව් කරන්නේ නැහැ. නමුත් cleansing, hydrating and regenerating යන්න හොඳටම ප්‍රමාණවත්. හොඳ සමක් වෙනුවෙන් ඒ පියවර තුන පිළිපැදීම මඟින් ඔබටත් ඔබේ සම තරුණ කරගන්නට බැරි වෙන එකක් නෑ.

Skincare Routine එකක් අමතක නොකර නොකඩවාම පිළිපැදිය යුතු බවත් අමතක කරන්නම එපා.

ලස්සනට ඉන්න! ඔබ ගැන හිතන්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here