කොමර්ෂල් බැංකුවේ ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් දියත් කිරීමේ විශිෂ්ඨත්වය වීසා සමාගම අගය කරයි – Saru News Media | Sri Lanka Business News

0
17

දේශීය වෙළඳපල සඳහා ආයතනික වීසා ක්‍රෙඩිට් කාඩ්පත් මාලාවක් හඳුන්වා දෙමින් පෙන්වූ කැපවීම අගයමින් ගෝලීය ගෙවීම් විසඳුම් සපයන වීසා සමාගම අගයෙන් වැඩි මහා පරිමාණ ආයතනික කාඩ්පත් ප්‍රභේද දියත් කිරීමේ විශිෂ්ඨත්වයවෙනුවෙන් කොමර්ෂල් බැංකුවට සම්මානයක් ප්‍රදානය කර ඇත.

වීසා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය විසින් මෙම වාණිජමය විසඳුම් විශිෂ්ඨත්ව සම්මානය පිරිනැමූ අතර, කොමර්ෂල් බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණ තමාරා බර්නාඩ් මෙනෙවිය විසින් එය පිළිගන්නා ලදී.

කොමර්ෂල් බැංකුව විසින් විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම මෑතකදී ආරම්භ කරන ලදී. මෙම නව හඳුන්වා දීම මගින් ආයතන වලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත එම ආයතනවල ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමකට සම්බන්ධ කර ඇත. ආයතනවල සේවා නියුක්තිකයින් හට මෙම කාඩ්පත හරහා තම ආයතනය මගින් අවසර දී ඇති පරිදි සංචාර, විනෝදාස්වාදය හා වෙනත් වියදම් සඳහා ලෝකයේ ඕනෑම තැනක සිට ගෙවීම් සිදු කිරීමට භාවිතා කළ හැකියි. එමෙන් ම වීසා සිග්නේචර් ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරන්නන් හට ජාත්‍යාන්තර ගුවන් තොටුපලවල්වල විවේකාගාර ප්‍රවේශයන් සහ වෙනත් සංචාර ආශ්‍රිත සහාය වැනි විශේෂ ප්‍රතිලාභ ද ලබා දෙයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන –  කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණ තමාරා බර්නාඩ් මෙනෙවිය, බැංකු කණ්ඩායම සමඟ වීසා වාණිජමය විසඳුම් විශිෂ්ඨත්ව සම්මානය ලබාගත් අවස්ථාව.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here