කොල්ලෙක්ද? හැබැයි කුක්කු ලොකුද? ඒ නිසා සිත් කරදරෙන්ද? එහෙමනම් කියවන්න! – Saru News Media

0
4

දැන් ඔය පියයුරු නැතිනම් පොදුවේ හැමෝම කියන්න ආස විදියට කුක්කු තියෙන්නේ කාන්තාවන්ටනේ. පිරිමින්ටත් තනපුඩු සහිත ව්‍යුහයක් තිබුණත්, කාන්තාවන්ට වගේ විශාල වුණු ස්තන ග්‍රන්ථි සහිත පයෝධර පිරිමින්ට සාමාන්‍යයෙන් නෑ. ඔය ජිම් ගිහින් ඇඟ හදාගන්න අයියලාටත් කුක්කු තියෙනවා කියලා ඉරිසියාකාර කොල්ලො කිව්වට ඇත්තටම ඒවා වුනත් කාන්තාවකගේ වගේ පුළුල් පයෝධර විදියට ගණන් ගැනෙන්නේ නෑ. හැබැයි සමහර කොල්ලෝ ඉන්නවා විශාල පයෝධර තියෙන. ඔව්, කාන්තාවකගේ වගේම පයෝධර තියෙන කොල්ලෝ ඉන්නවා. සමහර විට මේ අයගේ පයෝධරත් කාන්තාවන්ගේ තරමටම විශාලයි වගේම ආකෘතියෙනුත් මේවා  කාන්තා පයෝධරයන්ට සමානයි. දැන් ඉතින් මේ වගේ තත්ත්වයක් කොයි තරම් සිත් තැවුල් ගෙන දෙනවද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඔබටත් එහෙම තත්ත්වයක් තිබෙනවා නම් මොනවද කළ යුත්තේ? මේ තත්ත්වය ඇත්තටම මොකක්ද? ආන්න ඒ ගැන තමයි අපි කියලා දෙන්න යන්නේ.

 

බැලූ බැල්මට මේක විහිළුවක් වගේ තමයි පේන්නේ. ගොඩක් මිනිස්සුත් ඇත්තටම මේ වගේ තත්ත්වයක් තියෙන කෙනෙක්ව විහිළුවට ගන්න, විසුළුවට ලක් කරන්නත් තියෙන ඉඩ වැඩියි. හැබැයි ඇත්තටම මේ තත්ත්වය මොකක්ද?

මෙතනදී සුලභ තත්ත්වයක් තමයි ඇඟ මහත් වීම නිසා ඇතිවෙන පියයුරු විශාල වීම. ඒ කියන්නේ ඇඟේ වෙන ඕනම තැනක වගේම පපුව ආශ්‍රිතවත් මේදය තැන්පත් වෙනවනේ. ඉතින් ස්ථුලතාවයෙන් පෙළෙන කෙනෙක්ගේ පියයුරු කාන්තාවකගේ වගේ ලොකුවට එල්ලා වැටෙනවා දකින්න පුලුවන්. හැබැයි මේ අපි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.

මේකට කියන නම ගයිනකෝමැස්ටියා (Gynecomastia). එක්ස්පර්ට්ස්ලා කියන විදියට පිරිමි 30% ක් විතර ජීවිතේ යම් අවස්ථාවක මේ තත්ත්වයෙන් ඉන්නවලු. සරලවම කියනවා නම් ගයිනකෝමැස්ටියා කියන්නේ ඊස්ට්‍රජන් හෝ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයන්ගේ අසමතුලිතතාවයක් නිසා සිද්ධ වෙන පියයුරු පටක වල විශාල වීමක්. මේක පියයුරු දෙකටම සමාන විදියට වෙන්නත් පුලුවන්, අසමාන විදියට වෙන්නත් පුලුවන්. මේක වෛද්‍ය විද්‍යාත්මකව ගත්තහම අතිශයින්ම බරපතල තත්ත්වයක් නෙවෙයි. හැබැයි මේක මානසිකව ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් තත්ත්වයක්.

 

දැන් ඕනම පිරිමියෙක් පියයුරු විශාල වේගෙන එනවා නම් දොස්තර කෙනෙක් ගාවට දුවන්න ඕන නෑ. හැබැයි පියයුරු ඇඟේ මහතත් එක්ක විශාල වෙන දෙයක් නෙවෙයි නම් තියෙන්නේ, ඉදිමීමක් වගේ දෙයක් කියලා දැනෙනවා නම්, පියයුරු හරිම මොළොක් වෙලා කියලා දැනෙනවා නම්, යම් කිසි වේදනාවක් අල්ලන විට හෝ දැනෙනවා නම් සහ තන් පුඩු වලින් ශ්‍රාව වහනයක් සිදුවෙනවා නම් දොස්තරවරයෙක් මුණගැහෙන්න යන්න වෙනවා.

එහෙම නැතුව නිකම්ම ඇඟ මහත් වෙන අතරේම පියයුරුත් මහත් වෙනවා නම් කරුණාකරලා යන්න ජිම් එකකට. නැතිනම් පෝෂණවේදියෙක් මුණගැහිලා ඩයට් ප්ලෑන් එකක් ඉල්ලා ගන්න.

 

ගොඩක් වෙලාවට ජිම් ගියත් කුක්කු ලොකු වෙනවා, නොගියත් කුක්කු ලොකු වෙනවා කියලා හිතාගෙන ඉන්න කුක්කු ලොකු අයියලා අපේ අතරෙත් ඉන්නවා. හැබැයි ඒ කම්මැලි කතා. හොඳට මතක තියාගන්න. කායවර්ධනයේදී සිද්ධ වෙන්නේ පියයුරු විශාල වීම නෙවෙයි. පපුව මනා හැඩයකට නිර්මාණය වීම. ඒක මෑන් බූබ්ස් වලට වඩා පැහැදිලි වෙනසක් තියෙනවා. ආන්න ඒ නිසා ස්ථුලතාවය නිසා මෙහෙම තත්ත්වයක් මතුවෙනවා නම් වහාම ශරීර සුවතාවය ගැන හිතන්න සිද්ධ වෙනවා. ආහාර පාලනය කරන්න, පෝෂ්‍යදායී ආහාර වලට විතරක් යොමු වෙන්න සහ ව්‍යායාම සඳහා නැඹුරු වීම මෙතනදී කරන්න ඕන දේවල්.

 

අපි මුලින් කිවුවනේ ගයිනකෝමැස්ටියා ඇතිවෙන්න එක හේතුවක් හෝමෝන අසමබරතාවය කියලා. හරියටම කියනවා නම් ඊස්ට්‍රජන් හෝමෝනයට සාපේක්ෂව ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අඩු වීම තමයි හේතුව. දැන් වයස්ගත වීමත් එක්කත් මේ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට තව දුරටත් අර තරුණ කාලේ වගේ පිරුණු පපුවකට හිමිකම් කියන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒ එක්කම ශරීරය වයස්ගත වීමෙන් වැහැරෙනකොට පපුවත් වැහැරෙන්නේ මෑන් බූබ්ස් දෙකක් නිර්මාණය කරමින්.

හැබැයි මේකටත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විසඳුමක් තියෙනවා. හැබැයි අමාරුයි. ඒ තමයි තරුණ කාලේ ඉඳලම නිරන්තරයෙන් ව්‍යායාම කරන එක. ශරීර සුවතාවය ගැන අවධානයෙන් ඉන්න එක. එතකොට වයස්ගත වෙනකොට වුනත් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා හොරයි.

 

ඇත්තටම උඩින් කියලා තියෙන කරුණු වලට අමතරව මෑන් බූබ්ස් ඇතිවෙන්න තවත් කරුණු කාරණා තියෙනවා. එකක් තමයි අසීමිත ඇල්කොහොල් පරිභෝජනය. ඔව්, කණ් සාක්කුවට වැටෙන්න දිනපතා ගහන අයියලගේ සහ විශේෂයෙන්ම ඔය බණ්ඩි එන්න උදවු වෙන බියර් වර්ග එහෙම ගහන අයියලගේ කුක්කුත් ලොකු වෙන්න පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here