ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වන කොටස – Saru News Media

0
15

ඇත්තටම ලෝකේ -හරියටම ඉන්ටර්නෙට් එකේ- වෙබ් සයිට් කීයක් විතර තියෙනවද කියලා අනුමාන කරන්න පුළුවන්ද? 1992 වෙනකොට ලෝකේ වෙබ්සයිට් තිබිලා තියෙන්නේ 10 යි. හැබැයි 1993 වෙනකොට ඒ වෙබ්සයිට් ගාණ ඒ වගේ දහගුණයකටත් වැඩි වෙනකල් වර්ධනය වෙලා තියෙනවා. හැබැයි 1994 වෙනකොට මේ ප්‍රමාණය තුන්සිය ගුණයකින් වගේ වැඩි වෙලා වෙබ්සයිට් 3000 ක් වගේ වෙලා තියෙනවා. එතකොට දැන් -ඒ කියන්නේ 2021 වෙනකොට- වෙබ්සයිට් කීයක් වගේ තියෙනවද? බිලියන 1.7 කටත් වඩා! හැබැයි මේ වෙනකොට සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ වෙබ් අඩවි මිලියන 200 ක් විතර කියලා තමයි අහන්න ලැබෙන්නේ. හැබැයි මේ මිලියන 200 ක් කියන්නෙත් කොයි තරම් ලොකු සංඛ්‍යාවක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පැයෙන් පැය ඒ වෙබ්සයිට් ගාණ වැඩිවෙමින් පවතිනවා මිසක් අඩු වෙන්නෙ නෑ. මේ වෙබ්සයිට් මිලියන 200 න් අපි නොදන්නා, ඒත් ප්‍රයෝජනවත් වෙබ් අඩවි කොයි තරම් තියෙනවා ඇතිද? 

 

ඇත්තටම ඒ වගේ වෙබ් අඩවි ගැන අපි පාර්ට් වන් සහ පාර්ට් ටූ කියලා කොටස් දෙකකින් කතා කරලා තියෙනවා. අද ඉදිරිපත් කරන්න යන්නේ ඒකේ පාර්ට් ත්‍රී එක.

 

ඔබ ෆොටෝෂොප් පාවිච්චි කරනවද? ඇත්තටම ඔය සංකීර්ණ ග්‍රැෆික් ඩිසයින්, ෆොටෝ එඩිට් වල ඉඳලා සරල ෆේස්බුක් පෝස්ටරයක් දක්වා දේවල් නිර්මාණය කරගන්න ගොඩක් අය ෆොටෝෂොප් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක හරි විදියට සල්ලි දීලා ගන්න සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි. මාසෙකට ඩොලර්ම 20 කට වැඩියි. දැන් එහෙම ගෙවලා ගන්නවට වඩා ඔය සරල වැඩ කටයුතු කරගන්න canva වගේ ඔන්ලයින් වෙබ් ටූල්ස් තියෙනවා තමයි. හැබැයි ඉතින් ෆොටෝෂොප් සහ ෆොටෝෂොප් වලින් ලැබෙන ඇඩ්වාන්ස් පහසුකම් වලට හුරු වෙලා ඉන්න කෙනෙක්ට, ෆොටෝ ෂොප් නැතිනම් ඊලඟ විසඳුම මොකක්ද? ඒක තමයි මේක! Photopea කියන්නේ ෆොටෝෂොප් වගේම පෙනුම තියෙන, ෆොටෝෂොප් වල තියෙන බේසික් සහ ඇඩ්වාන්ස් ටූල්ස් තියෙන එඩිටින් වෙබ් ටූල් එකක්. ෆොටෝ ෂොප් වල ප්‍රමාණයටම සංකීර්ණ වැඩකටයුතු කරගන්න බැරි වුණත්, සරල ෆේස්බුක් පෝස්ටරයක ඉඳලා ඇඩ්වාන්ස් මට්ටමින් ෆොටෝ එකක් එඩිට් කරගැනීම දක්වා දේවල් ගැටළුවක් නැතුව කරගන්න Photopea වෙබ් අඩවියෙන් පුළුවන්.

 

අපි ඉස්සර නම් ඉතින් හිටු කියලා ලෑන්ඩ් වෙන ඕනම වෙබ්සයිට් එකක එකවුන්ට්ස් හදනවනේ. ආයෙ ඉතින් ඊට පස්සේ ඊමේල් ඉන්බොක්ස් එක නිව්ස්ලෙටර්ස් වලින් ප්‍රොමෝෂන් වලින් සහ වෙන අනං මනං වලින් පිරෙන්නෙ කිසි කිසි ගාලා. හැබැයි ඉතින් ඔය ගොඩක් වෙබ්සයිට් වල අපි එකවුන්ට්ස් හැදුවට මොකෝ, ඊට පස්සේ එව්වා ඩිලිට් කරන්න ගියාට ඩිලිට් කරගන්න බෑ. දැන් ඔය ෆේස්බුක් වගේ එකක නම් අපේ එකවුන්ට් එක ඩිලිට් කරන්නේ කොහොමද කියලා සෙටින්ග්ස් වලට ගිහින් හොයාගන්න පුළුවන්. හැබැයි වෙන ගොඩක් වෙබ් අඩවි වල ඔය වැඩේ කරන්නෙ කොහොමද කියලා හොයාගන්නවත් නෑ. ආන්න එතනදී තමයි මේ Account Killer වෙබ් අඩවිය වැදගත් වෙන්නේ. ඒකෙන් එකවුන්ට්ස් ඩිලිට් කරල දෙන්නෙ නෑ. හැබැයි අපිට අවශ්‍ය ඕනම වෙබ් අඩවියක අපේ එකවුන්ට් එක අයින් කරගන්න කරන්න ඕන මොනවද, යන්න ඕන පියවර මොනවද කියන එක පැහැදිලිවම කියලා දෙනවා.

 

දැන් දැන් ලෝකේ සෑහෙන්න ඔය හොර කොපි සොෆ්ට්වෙයාර් පාවිච්චි කිරීම අධෛර්‍යමත් කෙරෙමින් පවතින්නේ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා ගොඩක් දෙනෙක්ට එක්කෝ නීත්‍යානුකූල මෘදුකාංග හෝ වෙබ් සේවාවන් සල්ලි දීලා ලබාගන්න වෙනවා. එහෙම නැතිනම් ඉතින් වෙන විකල්පයකට යන්න වෙනවා. දැන් හැබෑටම මොනවද වෙන තියෙන විකල්ප? ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඕනම සොෆ්ට්‍වෙයාර් එකකට හෝ වෙබ් සේවාවකට නොමිලේ ලබාගන්න පුළුවන් විකල්ප හොයාගන්න පුළුවන් AlternativeTo වෙබ් අඩවියෙන්.  ගිහින් සර්ච් කරලා බලන්න විතරයි තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ෆොටොෂොප් මෘදුකාංගය වෙනුවට ඒ වැඩකටයුතුම කරගන්න පුළුවන් විකල්ප සොෆ්ට්වෙයාර් හෝ වෙබ් ටූල්ස් දෙසීයකට වැඩි ගාණක් මේ AlternativeTo වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. එතනින් සෑහෙන ප්‍රමාණයක් ඉතාම අඩු මුදලකට හෝ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන් ඒවා වීම විශේෂයක්. ඕන නම් Netflix වෙනුවට තියෙන විකල්පත් සිය ගාණක් හොයාගන්න පුළුවන් මෙතනින්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here