ජනපති සහ බැසිල් අතර හමුවක් – රනිල්ට ඉස්සර වෙන්නැයි කියලා !

0
11

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල්  රාජපක්ෂ මේ කාරණය ප්‍රකාශයට පත් කර ඇත.

අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා මෙහිදී බැසිල් රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඊයේ (23) පස්වරුවේ පැවති එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකර ඇත. එහිදී එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙදෙනාගේ එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්‍රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවටය.

එසේම, හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත.

පළාත් පාලන ආයතන වල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ විසින්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති ජනාධිපතිවරයා, දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දෙන බව සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.

විජේදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද බැසිල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.

මෙහිදී බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණය වන බැවින් එකී වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ගය වෙත පක්ෂය මේ වනවිටත් අවතීර්ණ වී අවසන් බවය.


 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here