ටයිටැනික් ඛේදවාචකය ගැන වසර 14කට පෙර අනාවැකි පළකළ ටයිටන් නැවේ විශ්මිත කථාව – Saru News Media

0
11

ටයිටැනික් කියන්නේ මේ ලෝකේ තියන ජනප්‍රියම නෞකා නාමය කි​යන මතයට කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. මුහුදුබත් වෙලා අවුරුදු සියයකට අධික කාලයක් ගතවෙලත් අදටත් ටයිටැනික් ගැන කතාවෙනවා, කලා නිර්මාණ බිහි වෙනවා. අද අපි කියන්න යන්නේ ටයිටැනික් මුහුදුබත් වීම සම්බන්ධයෙන් අසන්න ලැබෙන එක්තරා ආකාරයක ආන්දෝලනාත්මක කතන්දරයක් ගැ​න. ඒ තමයි ටයිටැනික් මුහුදුබත් වෙන්න අවුරුදු 14කට පෙර කාලෙක ලියැවුණු එක්තරා නවකතාවක මේ ටයිටැනික් විනාශය ඒ ආකාරයෙන්ම වා​ගේ සනිටුහන්​ව තිබීම ගැන. ​

මොකක්ද මේ නවකතාව? අපි කියවලාම දැනගමු ඒ ගැන.

 

අපි මුලින්ම ටයිටැනික් නැවේ මුහුදුබත් වීම සම්බන්ධයෙන් අපේ මතකය ටිකක් අලුත් කරගෙනම ටයිටන් කතාවට යමු. ඔබට මතක ඇති ටයිටැනික් මුහුදුබත් වෙන වර්ෂය හැටියට සඳහන් වෙන්නේ 1912 අවුරුද්දයි. 3,500කට ආසන්න මගීන් සහ නෞකා කාර්ය​ය මණ්ඩලයකින් සමන්විත වූ ටයිටැනික් නැව තමන්ගේ මංගල මුහුදු ගමනේදීම අයිස් පර්වතයක හැපීමෙන් මුහුදුබත් වෙනවා. මේ අනතුරින් 1,500ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. ​

 

ඇමරිකානු ජාතික ලේඛකයෙක් වෙන මෝර්ගන් ​රොබර්ට්සන් 1898 දී කෙටි නවකතාවක් ලියලා ප්‍රකාශයට පත් කරනවා. ඒ කතාවේ නම වෙන්නේ ‘Futility’. අයිස් පරයක හැපිලා මුහුදුබත්වෙ​න නැවක සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගත් මේ නවකතාවට මුලදී ඒ තරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ නවකතාව පළ වී වසර 14කට පස්සේ සිදුවුණ ටයිටැනික් ඛේදවාචකයෙන් පස්සේ මේ නවකතාව ගැන මිනිස්සුන්ගේ උනන්දුවක් ඇති වෙනවා. ඒකට හේතුව වෙන්නේ ටයිටැනික් ඛේදවාචකයේ සිදුවීම්වලට මේ නවකතාවේ සිදුවීම් බොහොම දුරට එක සමාන වීමයි.

ඒ ජනප්‍රියත්වය නිසාම ටයිටැනික් විපතට පස්සෙ කාලෙකදි මේ නවකතා​ව ‘The Wreck of the Titan’ නමිනුත් නැවත මුද්‍රණය වෙනවා. කොහොම වුනත් ටයිටැනික් ඛේදවාචකයෙන් ​වසර තුනකට පස්සේ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන් මෝර්ගන් රොබර්ට්සන් මරණයට පත්වන නිසා මේ නවකතාවේ ජනප්‍රියත්වය මගින් මුදල් හරි හම්බ කරලා සාර්ථක වෙන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

 

මේ කෙටි නවකතාවට අනුව ටයිටන් කියන නැව තමයි ඒ වෙද්දී ලෝකයේ තියෙන විශාලතම මගී ප්‍රවාහන නැව. මේක කවදාවත් ගිලෙන්නේ නැති නැවක් හැටියටයි විරුදාවලිය ලබන්නේ (ටයිටැනික් නැව වගේම). මේ නැවේ ඉන්නවා බේබදු නාවිකයෙක්. ජෝන් රෝලන්ඩ් නම් මේ නාවිකයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. තමන්ගේ ගමන අතරමැද අයිස් පර්වතයක ගැටෙන ටයිටන් නෞකාව මුහුදු බත් වෙන්න පටන් ගන්නවා. මේ අතරතුරදී මේ නැවේ මගියෙක් හැටියට ගමන්ගන්නා ඔහුගේ පැරණි පෙම්වතියකගේ දියණියක්ව ගලවාගෙන ගොඩබිමක් කරා පැමිණෙන්නට ජෝන් රෝලන්ඩ් සමත් වෙනවා. ඉන් පස්සේත් යම් යම් හැලහැප්පීම් කීපයකට මුහුණ දෙන්නට ජෝන් රෝලන්ඩ්ට සිදු වුණත්, කතාව නිමවන්නේ සතුටුදායක අවසානයක් සහිතවයි… 

 

ටයිටන් නැව මුහුදුබත් වීම ගැන ලියැවුණු කතාව කෙටියෙන් තමයි අපි ඉහතින් කිවුවේ. මේ කතාව ලියැවිලා අවුරුදු 14කට පස්සේ සුප්‍රකට ටයිටැනික් නැව මුහුදු බත් වෙනවා. ඉන් පස්සේ තමයි සමහරුන්ට හිතෙන්නේ ඒ අය කලින් කියවලා තිබුණු මේ ටයිටන් නැව සම්බන්ධ කතාවට ටයිටැනික් ඛේදවාචකය බොහොම සමානයි නේද කියලා. මේ සමානකම් ගැන කියනවනම් මෙහෙමයි,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here