තාලි එකක දාපු ෆුල් ඉන්දියන් මීල් එකක් රස බලන්න නම්, මේ ඉන්දියන් රෙස්ටුරන්ට් වලින් එකක් තෝරගන්න – Saru News Media

0
2

ලංකාවේ ඉන්න අයගෙන් ඉන්දියන් කෑම කාලා නැති කෙනෙක් හොයාගන්න එක සෑහෙන්න අමාරු දෙයක් වෙයි. ඒකට හේතුව නාගරික හෝ අර්ධ නාගරික හැම කෙනෙක්ම වගේ අඩුම ගාණේ සයිවර් කඩේකින් වත් තෝසයක් වඩයක් කාලා තියෙනවාට සැකයක් නෑ. හැබැයි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නියම තාලි කෑම එකක් කාලා තියෙනවද? තාලි කියලා කියන්නේ පිඟානකට. ඒ කියන්නේ අපි දන්න විදියේ පිඟානක් නෙවෙයි, අර ඇලුමිනියම් විසාල තැටියක්. මේ විසාල තැටියක එන්නේ සම්පූර්ණ කෑම වේලක්. ඒ කියන්නේ සමහර වෙලාවට තාලි එක ඇතුළේ පුංචි පුංචි කෝප්ප ගණනාවක එක එක කෑම ජාති ගණනාවක් එනවා. සමහර එව්වා එක්කෙනෙක්ට කාලා ඉවර කරගන්නත් අමාරු තරමයි. මේ තාලි එකට භෝජනම් කියලත් කියනවලු. ඉතින් කොළඹ සම්පූර්ණ අවට තාලි කෑම වේලක් ගන්න පුළුවන් ඉන්දියන් රෙස්ටුරන්ට් කීපයක් ගැන තමයි අපි කියන්න හිතුවේ අද.

 

තාලි මීල් ගැන කියනකොට අපේ ෆේවරිට් ඉන්දියන් රෙස්ටුරන්ට් එක වෙන ෂන්මුගාස් අමතක කරන්න බෑ. දවල් වරුවේ ගියොත් නියම වෙජිටේරියන් ඉන්දියන් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ෂන්මුගාස් එකේ තාලි එක උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු තාලි තියෙනවා. බිරියානි ඕන නං බිරියානි. ස්ටීම් රයිස් ඕන නං ස්ටීම් රයිස්. තාලි එකට එන කරීස් ටිකත් එක්ක ඔක්කොම ගත්තහම සාමාන්‍යයෙන් ෂන්මුගාස් තාලි එක තනියෙන් කාලා ඉවර කරන්න බැරි තරම්. ආයෙ ඩිසර්ට් එකට ගුලාබ් ජමුන් එකක් කන්නත් ඉඩ මදි ගාණයි. ෂන්මුගාස් එකේ උතුරු ඉන්දියානු තාලි එක රුපියල් 1000 යි. දකුණු ඉන්දියානු තාලි එක රුපියල් 800 යි.

 

තැන :

 

ෆැන්සි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට යන්න ඕන නම්, ටාජ් සමුද්‍රා හොටෙල් එකේ තියෙන නවරත්න ඉන්දියන් රෙස්ටුරන්ට් එක වැඩේට මරු. නියම තාලි මීල් එකක් නවරත්න එකෙන් ගන්න නම් දවල් 12-3 ත් අතර යන්න ඕන. මේ අයගේ තාලි මීල් කීපයක් තියෙනවා. සීෆුඩ්, මට්න් සහ වෙජි තාලි. මේවා බිරියානි රයිස්. ඒවා බෑ වගේ නම් පුලාවෝ රයිස් එක්ක හරි ස්ටීම්ඩ් රයිස් එකක් හරි ගන්නත් පුළුවන්. මේ තාලි එකේ වෙජි කරීස් පහක් විතරයි, තව කරීස් දෙකකුයි එනවා. ඒ ඇරෙන්න අතුරුපසටත් ගුලාබ් ජමුන් එනවා. මේක ෆයින් ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් නිසා ගණන් ටිකක් වැඩියි, හැබැයි වටිනවා. වෙජි තාලි එක රුපියල් 1955 යි. මට්න් තාලි එක රුපියල් 2323 යි. සීෆුඩ් තාලි එක රුපියල් 2572 යි.

 

තැන : 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here