තෙවරප්පෙරුම සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා…

0
9

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තෙවරප්පෙරුම මහතා සමග තමන් ළඟදි ලොකු වැඩක් කිරීමට සැලසුම් කර තිබූ බවත් නමුත් එය කිරීමට අවස්ථාවක් නොලැබූ බවත් ඒ මහතා පැවසීය.

තමන් එනතුරු බලා ඉන්නැයිද තෙවරප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටින බව කී ඔහු පරක්කු වැඩි නම් තමන්ද කැඳවාගන්නැයි මාරයාගෙන් ඉල්ලන්නැයිද කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here