පක්‍ෂ පහක මන්ත‍්‍රීලා රනිල් සමග එක්වෙයි.. SJB, NPP අයත් ඒ අතරයි..

0
16

නුවරඑළිය , මස්කෙළිය, හැටන් , කොත්මලේ , හඟුරන් කෙත හා වලපනේ ඡන්ද බල ප්‍රදේශවල පළාත් පාලන ආයතන නියෝජනය කළ ප්‍රධාන පක්ෂ පහක හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් ඇතුළු අපේක්ෂකයන් එකතුව 53දෙනෙකු ජනපතිගේ ප්‍රතිපත්තියට සහාය වෙමින් එජාපය සමග අත්වැල් බැඳගැනීමේ වැඩසටහනක් නුවරඑළියේ දී පැවැත්විණ ,

මෙලෙස එම මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වූයේ මධ්‍යම පළාත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන සංවිධායිකා එ.ජා.ප විද්වත් සභාවේ ලේකම් හා නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීනී  කල්‍යාණි සතරසිංහ මහත්මියගේ සංවිධානයෙන් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියදී සංවිධානය කල  ඉඩම් ඔප්පු සම්බන්ධව මහජනතාවට ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකදීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වලට සහයෝගය ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගත් මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අවසන් (2018) පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධූර දැරූ හා අවසන් වරට නාමයෝජනා කැඳවූ පළාත් පාලන මැතිවරණය අපේක්ෂකයන් ලෙස තරග වැදීමට ඉදිරිපත් වූ අයවලුන් වේ.

මන්ත්‍රීවරුන් හා පළාත් පාලන අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් අනතුරුව වැඩසටහනේදී අදහස් දක්වමින් විදෙස් රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ.

එකසත් ජාතික පක්ෂය කියනේඑ රටේ දැවැන්ත පක්ශයක් කාලාන්තරයක් තිස්සේ බලය අත් කරගැනීමට නොහැකි උනත් එදා සිට පක්ෂය ශක්තිමත්.

වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කිය ,

පක්ෂ ප්‍රතිපත්තිය ඔලුවට අරං මාද්‍ය ආයතනවලට ඕන විදිහට වොයිස් කට් වල කියවන විදිහට  වැඩ වැඩ කරපු අය දැන් හරි මගට ඇවිත් පක්ෂ පාට හැම දේම අමතක කරලා රැලි ඔක්කොම අමතක කරලා ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ බව තේරුම් අරගෙන දැන් ඔක්කොම එක රොත්තට රනිල් වික්‍රමසිංහ වයේ එක් රොක් වෙනවා

රටේ ආර්ථිකය ගොඅ නගපු රටේ උද්ධමනය අඩු කරපු වැටිච්ච සංචාරක කර්මාන්තය නංවපු නායකයා තමා රටේ ජනාධිපති වෙන්න ඕන කියලා ජනතාව තීන්දු කරලා ඉවරයි.

මොකද රටේ ව්‍යාපාරික ප්‍රජාවගෙ ඉදන් ගොවියො වෙනක්ල්ම බලන් ඉන්නේ රටට ඩොලර් ඇවිල්ලා රට ගොඩ දාන්න නැවත වතාවටක් රනිල් වික්‍රමසිංහට බලය දෙන්න.

මැතිවරණ වැඩ අපි පක්ෂක් වශයෙන් පටන් ගත්තේ නෑ , දැන් විවාදයට ලෑස්ති වෙනවා ඒ තමයි කයිය නායකයි ආසයි බයයි පුරාජේරු කාරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here