පාස්කු බෝම්බ මහමොළකරු ගැන කියන හැමෝටම අනතුරු ඇඟවීමක්…

0
12

දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් මෙරට බුද්ධි අංශ පාවාදීම සිදු නොකල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

රණවිරුවන් බුද්ධි අංශ පාවලා ආණ්ඩු පෙරලා වැඩක් නෑ

අපි මේ ජනපීඩක ආණ්ඩුව පෙරළිය යුතුයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. පොහොට්ටුවට තුනෙන් දෙකේ බලයක් ලැබිලා එම බලය නිසා විපක්ෂයේ දෑස් නිලංකාර වී නිහඩව සිටින මොහොතක තමයි අපි ආණ්ඩුවේ වැරදි තීන්දු වලට අභියෝග කළේ. කුළුඳුල් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට එරෙහිව කරුණු දැක්වුයේ. අපි ආණ්ඩුව පෙරලීමට එකඟයි. නමුත් ආණ්ඩුව පෙරලන්න හදන්නේ අහිංසක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ලේ සහ කඳුළු මතින් නම්, මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ රණවිරුවන් බුද්ධි අංශ පාවලා දීලා නම්, මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිකරලා ජනතාව අතර අවිශ්වාසය වපුරලා නම් අපි ඒකට එකඟ නෑ.

පාස්කු ප්‍රහාරය අතිශය සංවේදී ප්‍රශ්නයක්. බෞද්ධයන් ආරක්ෂාව බාරව සිටියදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ‍ කතෝලිකයන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ආගම් තුනක් ගෑවුණු ප්‍රශ්නයක් කියන්නේ සංවේදී ප්‍රශ්නයක්. අපි ඉතාම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රවේශම අපේ දේශපාලනඥයන්ට තියෙනවාද කියන එක මේ විවාදය පුරා අපිට දක්නට ලැබුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI ආයතනයේ, ඕස්ට්‍රේලියාවේ පෙඩරල් පොලිසියේ සහාය අරගෙන අපේ පොලිසිය පරීක්ෂණ පවත්වලා අනූ තුන්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකරලා මේ වන විට නඩු පවතිනවා. පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර දෙකයි මාස හතරක් ඇතුළත අපි චෝදනා ගොනු කරනවා.

ඇමරිකාවේ 9/ 11 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චෝදනා ගොනු කරන්නේ ප්‍රහාරය සිදුවෙලා වසර හයයි මාස පහක් ගත වුණාට පස්සේ. ඒ වගේම 2015ව වර්ෂයේ නොවැම්බර් මස 13 වැනිදා ප්‍රංශයෙ පැරිස් නුවර සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට විමර්ශන සිදු කරලා චෝදනා ගොනු කරන්නේ වසර පහයි මාස දහයක් ගියාට පස්සේ. අපට වඩා සම්පත් තියෙන, අපට වඩා තාක්ෂණය තියෙන, අපට වඩා බලයක් තිබෙන මේ රටවල් එක්ක සාපේක්ෂව බලද්දී අපේ පොලිසිය අපේ නිලධාරීන් අතිශය කාර්යක්ෂමව කටයුතු කරලා තියෙනවා.

එහෙමනම් යුක්තිය ඉටු කිරීම ප්‍රමාදයයි කියන්නේ ඇයි . අපේ කාඩිනල්තුමන් වසර කිහිපයක සිට මහා මොළකරු වා ගැන කතා කරනව. කතෝලික ඡන්ද කුට්ටිය ගැන බලාගෙන අපේ දේශපාලකයෝ සෙවිලක් බැලිල්ලක් නැතුව මහමොළකරුවෙකු ගැනම කතා කරනවා. කැලේ ගහක තල් ගෙඩියක් අත්තක් උඩට වැටෙන කොට නිදා හිටිය හාවෙක් බය වෙලා ඇහැරිලා ලෝකෙ පෙරලෙනවා කියලා දුවන්න පටන් ගත්තාලු.

කැලේ ඉන්න අනික් සත්තුත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ හාව පස්සෙන් ලෝකෙ පෙරළෙනවා කියලා දුවන්න පටන් ගත්තා. කැලේ හිටපු සිංහයා මේ සත්තුන්ව සිද්ධිය වෙච්ච තැනට එක්කන් ගිහිල්ලා, වැටිලා තියෙන්නේ තල් ගෙඩියක් බයවන්නට එපා කියලා ඒ සතුන්ගේ දිවිල්ල නතර කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයමින් අපේ රටේ දේශපාලකයන් ඇතුලු බලවතුන් දුවන දිවිල්ල නතර කරන්න තාම සිංහයෙකු සොයාගන්න බැරි වෙච්ච එකයි අපට තියෙන ප්‍රශ්නය. එහෙම සිංහයෙකු නුදුරු අනාගතයේ බිහිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

“සොනික් සොනික්” එළිදරව්වේ විපාක මොනවාද ?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here